කළු දළ මල
දැන් මේ රැය ය
පෙරයමට කළු මදින
කඩුපුලක් පිපිලා
වීදි පාලම යට
තියුණු ඇස් තුඩ’ගින
අඳුර හිල් කර එබෙන
මදු බමන රුව දකින
මලක පැතුමකි මැදියම
අපුල සෙනෙහස
මිලක දැවටුණ
සුසුමකට මැදි කොට වීසිකර
ලෙහා උහු නැබ පහළ කම් පැස
නෙත කඳුළ පෙන්වයි
අඳුරට….
රැය මියැදෙන මොහොත
පෙරගිර නැටි අගින
නිමා කොට රැයක මෙහෙවර
සඳ පවා නියත ගමනක
ඇය
තව ම
පාලම යට
-අනුරසිරි හෙට්ටිගේ-