කළු කොටියා මරු දකී
නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වාලමලෙයි වත්තේ මන්දකට හසුව මුදාගත් කළු කොටියා ඊයේ (29) දින උඩවලවේ ඇත් අතුරු සෙවනේදි මියගිය බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලය පවසයි. ඉතා දුර්ලභ සත්ත්වයෙකු වන මෙම කළු කොටියා පසුගිය 26 දින ලක්ෂපාන වාලමලෙයි වත්තේ එළවළු කොටුවක අටවන ලද මන්දකට අසුව සිටියදී වනජීවි නිලධාරීන් හා පශු වෛද්‍ය කණ්ඩාමක් විසින් බේරාගනු ලැබූහ.
ප්‍රතිකාර ලබමින් සිටියදී කළු කොටියා මරණයට පත්වූ බව පශු වෛද්‍යවරු පැවසූහ.මියගිය කොටියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේදී සිදු කිරීමට නියමිතය.