කසිප්පු පෙරූ කත අත්අඩංගුවේ
නීති විරෝධි ලෙස කසිප්පු පෙරා මුදලකට අළෙවි කළ අලවතුගොඩ ප්‍රදේශයේ කාන්තාවක් මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහයුම් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගැනීම නිසා ඇයට රුපියල් 15000.00 ක දඩයක් නියමකර තිබේ.
මත්පැන් පෙරීමට යොදාගත් තඹ දඟර හා නීති විරෝධී ස්ප්‍රීතු තොගයක්ද සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
අදාළ වැටලීම සිදුකළ අවස්ථාවේ බලපත්‍ර නොමැතිව බියර් අළෙවි කළ පුද්ගලයින් දෙදෙනෙකුද අත්අඩංගුවට ගත් බව මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති එන්. එන්. මලවිපතිරණ මහතා කීය.
සැකකරුවන් සමඟ කසිප්පු ස්ප්‍රීතු හා බියර් කෑන් තොගයක් අත්අඩංගුවට ගත් බවත් ඒවාහි වටිනාකම රුපියල් ලක්ෂයක් පමණ වන බවත් සුරාබදු දෙපාර්තුමේන්තුව පවසයි.
සහකාර සුරාබදු කොමසාරිස්(මධ්‍යම පළාත්) උපුල් සෙනවිරත්න හා සුරාබදු අධිකාරි (මහනුවර) තිස්ස ගුණරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති එන්.එන්.මලවිපතිරණ,සුරාබදු පරීක්ෂක අනුර අලුත්ගේ,සුරාබදු සැරයන් 843 කේ.කේ. ජයලත්, සුරාබදු කෝප්‍රල් 869 පාලිත ගුණරත්න, සුරාබදු රියදුරු එස්. ඩබ්. බණ්ඩාර යන නිලධාරීහූ වැටලීම සිදුකර තිබේ.