කසාදෙට කලිං කියවමු

කොල්ලෙක්ට, කෙල්ලෙක් එක්ක යාලු වෙන්න  ඇත්තටම කෙල්ල වයසින් අඩු වෙන්නම ඕනද..

බොහොම තාර්කික ප්‍රශ්ණයක්..

අද සමාජය මේ වන විට අප පුරාතනයේ පටන් ආ විවාහ සම්ප්‍රදාය වෙනස් කරමින් පිරිමියාට වඩා වැඩිමල් ගැහැණු අය සමඟ විවාහ වෙන අවස්ථා දස දෙසින් වාර්තා වේ. 

මෙම විවාහ සම්ප්‍රදාය ඇත්තටම ඇතිවුනේ කොහොමද ?

පිරිමි පාර්ශවය සූර්යා ප‍්‍රභව කොටද ස්ත‍්‍රී පාර්ශවය චන්ද්‍රයා ප‍්‍රභව කොට ද වර්ණ බල ලක්‍ෂණ තීව්ර කරයි. චන්ද්‍රයාගේ වෙනස්වීම් අනුව ස්ත‍්‍රී ශරීරයේ වෙනස්කම් ඇති වන්නේ මෙම හේතුවෙන්ය.

මෙම නිසා හිරුගේ ලක්‍ෂණ අනුව සමස්තයක් වශයෙන් පිරිමි රළු ස්භාවයක් ගන්නා අතර චන්ද්‍ර ලක්‍ෂණ අනුව ස්ත‍්‍රීන් සුමට සෞම්‍ය ස්භාවයක් ගනී.

සූර්යාගේ සියලූ කලාවන් (රාශියක්)  සම්පූර්ණ වීමට දින 30 ක් පමණ ගතවෙන අතර චන්ද්‍රයාගේ සියලූ කලාවන් සම්පූර්ණ විමට ( චන්ද්‍ර මාසයක් ගත විමට) ගත වන්නේ ආසන්න වශයෙන් දින 27ත් 28ත් අතර කාලයකි. එනම් සෑම මාසයකදීම පුරුෂයකුට වඩා ස්ත‍්‍ර‍්‍රීයක් දින දෙකකට වඩා මදක් වැඩියෙන් මුහුකුරා යයි.(වයෝවෘද්‍ය වේ).

සාධනීයව එක් නූතන දින දර්ශන වර්ෂයක් ගතවන විට පුරුෂයකුගේ ශරීරය (සූර්යා දින 365) වයස මාස 12 ක් වන අතර ස්ත‍්‍රියකගේ ශරීර වයස [(චන්ද්‍ර මාස (දින 28 x 12 ) + (වැඩි දින 2 x 12 = දින 24)] ආසන්න වශයෙන් චන්ද්‍ර මාස 13 ක් වේ.

මෙම කරුණ හේතු කොට එදිනෙදා සමාජයෙන් ගත හැකි උදාහරණ කිහිපයක් පිළිබඳව අවධානය යොමු කිරීම සුදුසුය.

1              පුරාතනයේ මෙම සූර්යා – චන්ද්‍ර මාස අවබෝධය නිසාම විවාහයකදී  පුරුෂයකු ඔහුට වඩා වයස අඩු ස්ත‍්‍රියක් සරණ පවා ගැනීමට පුරුදු වී සිටියහ. (උදා – භාවිත දින දර්ශකයේ වයස අවුරුදු 24 ක පිරිමියකුගේත් අවුරුදු 22 ක ස්ත‍්‍රියකගේත්  බුද්්ධිමට්ටම් ශරීර මට්ටම් සමාන බව ඔවුන් විශ්වාස කලහ.)

2              වයස අවුරුදු 12 වන විට ගැහැණු දරුවන් සම වයසේ පිරිමි දරුවන්ට වඩා මුහුකුරා ගිය පෙනුමින් යුක්ත විම.

3              ගැහැණු දරුවන් පිරිමි දරුවන්ට කලින් මල්වර වීම.

4              අවුරුදු 40 පමණ වන විට පිරිමින්ට වඩා ගැහැණු වැඩිපුර වැහැරීම ආදී සූර්ය – චන්ද්‍ර මාස ගණනයට එදිනෙදා උදාහරණ තීක්ෂන විමර්ෂනයෙන් ගත හැකිය.

ඉතින් ඔයාලත් විවාහ වෙන්නම බලාගෙන තම සහකාරිය සහකරුවා තෝරගනිද්දි මේ ගැනත් හිතල බැලුවොත් නේද හොඳ..

මහේන් සූරී

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *