කලු කොටියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය උඩවළවට දෙන්න එපා – නිලධාරියා අධිකරණයෙන් ඉල්ලයි.

මරණයට පත්වූ කළු කොටියාගේ පශ්චාත් මරණ පරික්ෂණය පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ සිදුකර එහි වාර්තාව ජූලි 29 දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ට්‍රොස්කි මහතා අද (29)  නියෝග කළේය.
නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ වන සත්ත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා විසින් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයට  කරුණු වාර්තා කරමින් “කළු කොටියා උඩවළව ඇත් අතුරු සෙවණේ පශු වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර ලබාදෙමින් සිටියදී හදිසියේ මිය ගිය බැවින් කොටියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය එම පශු වෛද්‍ය රෝහලේ සිදු නොකර පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ සිදු කරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටීම මත මහේස්ත්‍රාත්වරයා එම තීන්දුවට එළඹින.

නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වාලමලෙයි වත්තේ මන්දකට හසුව සිටියදී  මුදාගත් අති දුර්ලභ කළු කොටියා උඩවළවේ ඇත් අතුරු සෙවණ පශු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී  අද (29) පෙරවරුවේ හදිසියේම  මියගොස් ඇති බව වාර්තා විය.
මන්දට අසුව තුවාල ලැබ සිටියදී පසුගිය 26 දින උඩවළව හා රන්දෙණිගල පශු රෝහල්වල වෛද්‍යවරු කණ්ඩායමක් විසින් වනජීවි නිලධාරීන්ගේද සහයෝගයෙන් නිර්වින්දනය කර මුදාගන්නා ලද කළු කොටියා  ප්‍රතිකාර සඳහා උඩවළව පශු රෝහල වෙත රැගෙන යනු ලැබීය.

නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් අධිකරණයට  වාර්තා කළ කරුණු සලකා බැලු හැටන් මහෙස්ත්‍රාත්වරයා මියගිය කොටියාගේ ජාන සම්පල් නිදර්ශනයක් පශු වෛද්‍ය පීඨයේම තැම්පත් කරන ලෙසද  නියෝග කළේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *