කල්තොට පොලීසියට වැඩ වැඩිවෙයි. ගංජා කසිප්පු අත්අඩංගුවට ගැනීම දිගටම

 කල්තොට පොලීසියට වැඩ වැඩිවෙයි. ගංජා කසිප්පු අත්අඩංගුවට ගැනීම දිගටම

දිවයින පුරා ක්‍රියාත්මක වන ඇඳිරි නීතියට සමගාමීව සුරා සැල් වසා තැබීම නිසා නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය ගම්බදවද ඉහළ ගොස් තිබේ. ඒ අනුව බලංගොඩ කල්තොට ප්‍රදේශයේද කසිප්පු නිෂ්පාදනය හා භාවිතය ඉහළ ගොස් තිබෙන අතර හම්බෙගමුව ප්‍රදේශයේ සිට කල්තොට හරහා ගංජා ප්‍රවාහනය කිරීම හා ප්‍රදේශයේ භාවිතයද ඉහළ ගොස් තිබේ. විශේෂයෙන් හම්බෙගමුව වැනි ප්‍රදේශවල සිට ගංජා ප්‍රවාහනය කරනවිට කල්තොට හරහා යාමට සිදුවීම නිසාද අත්අඩංගුවට ගැනීම් වැඩිවන බව කල්තොට පොලීසිය පවසයි.

ජාවාරම්කරුවන් ගංජා සැඟවීමට විවිධ උපක්‍රම භාවිතා කරති.

ගංජා කිලෝ 02 ක් සහ ග්‍රෑම් 100ක් වෑන් රියක සඟවා ප්‍රවාහනය කරමින් සිටි පිරිසක් කල්තොට පොලීසිය සිදුකළ විශේෂ මෙහෙයුමකචී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. සැකකරුවන් එකම පවුලේ පිරිසක් වන අතර රත්නපුර කරඳන පදිංචිකරුවන් ය. ඔවුන් උත්සාහ ගෙන තිබුණේ හම්බෙගමුවේ සිට රත්නපුර දක්වා ගංජා තොගය ප්‍රවාහනය කිරීමටයි.
ඒ අතර කල්තොට පොලීසිය තන්ජන්තැන්න ප්‍රදේශයේ සිදු කළ තවත් මෙහෙයුමකින් නීතිවිරෝධී මත්පැන් පෙරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් මත්පැන් මිලි ලීටර් ලක්ෂ එකහමාරක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් දෙදෙනා සිය එළවලු කොරටුව තුළ මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වා ගෙන ගොස් ඇත.

කල්තොට බණ්ඩාර

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *