කර්ණාටක ගොවියා මඩේ දුවා උසේන් බෝලට් පරදවයි. මීටර් 100ට තත්පර 9.55

වීඩියෝ ලින්කුව පහළින්.
ඉන්දීය කර්ණාටක ප්‍රාන්ත වැසියෙකු උසේන් බෝලට් ලෝක කෙටිදුර ධාවන ශූරයාගේ ධාවන කාලය ඉක්මවා දිවයමින් කෙටිදුර දිවුමේ වේග වාර්තාවක් තබා ඇතැයි සමාජ මාධ්‍යවල හුවමාරු වන තොරතුරුවල දැක්වේ.
ඒ පිළිබඳ හුවමාරු වන ට්විටර් පණිවිඩවලට අනුව ඔහු ඉන්දීය කර්ණාටක ප්‍රාන්තයේ මූදාබිද්රි ගම්මානයේ වැසියෙකි. මීහරකුන් සමඟ දිවයන සාම්ප්‍රදායික තරඟයකදී හෙතෙම මිටර් 142.50 ක දුර දිව යෑමට වැය කර ඇත්තේ තත්පර 13.62 ක කාලයක් පමණි.

මීහරක් රේස්.
“සිරිනිවාස් ගවුදා” නමැති මේ ධාවකයා 28 හැවිරිදි වන අතර දකුණු කන්නඩ දිස්ත්‍රික්කයේ මූදාබිර්දි ගම නියෝජනය කරයි. ටිවිටර් පණිවිඩවලට අනුව ඔහු මේ වාර්තාව තබා ඇත්තේ කම්බාලා නමින් හැඳින්වෙන මීහරක් සමඟ දිවීමේ තරඟයකදීය. මේ ධාවන තරඟය පැවත්වා ඇත්තේ මඩෙන් පිරි කුඹුරකය. එහිදී ඔහු සිය පළමු මීටර් 100 තත්පර 9.55ක කාලයකදී නිම කර ඇති අතර, එය සත්‍යයක් ලෙස තහවුරු වන්නේ නම් තත්පර 9.58ක් වන උසේන් බෝල්ට්ගේ වාර්තාව බිඳ හෙලා ඇත.
කම්බාලා යනු මීහරකුන් හා දුවන සාම්ප්‍රදායික ඉන්දීය ක්‍රීඩාවකි. කන්නඩ ප්‍රාන්තයේ ගොවි ජනතාව වාර්ෂිකව මේ ක්‍රීඩාවේ නිරත වෙති.

කම්බාලා දිවුම මී හරකුන් යුගලයක් සමඟ ධාවනය වන බැවින් එහිදී තැබූ වාර්තාව බෝල්ට්ගේ වාර්තාවට සමාන කළ නොහැක. මන්ද එහිදී ජනනය කරන වේගයද සතුන් නිසා ඇතිවන උද්වේගය මත රඳා පවතී. නමුත් සිත්ගන්නා කරුණ නම්, උසේන් බෝලට් පහසු ධාවන පථයක දුවද්දී කර්ණාටක වැසියා මඩ පථයක දිවූ අතර එය ඔහුගේ වේගයට බාධාවක් විය හැකිය.
මෙතැනින් කම්බාලා ධාවනය නරඹන්න.