කඹුරුපිටිය ආබාධිත සෙබළුන්ගේ පරිභෝජනයට කුණු මාළු

මාතර කඹුරුපිටිය අභිමංසල අාබාධිත රණවිරු නිවස්නයේ නේවාසිකව සිටින සෙබළුන්ගේ ආහාර පිණිස රැගෙන එමින් සිටි නරක්වී මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පැවති මාළු තොගයක් ඊයේ (02) සවස අත්අඩංගුවට පත් වුණා. ඒ කඹුරුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට ලද තොරතුරකට අනුව කරන ලද පරීක්ෂාවකදී.
කාලයක් තිස්සේ රණවිරු අභිමංසලට මාළු සපනය වෙළෙන්දෙකු රැගෙන එමින් සිටි මෙම තොගයේ කිලෝ දෙසීයක පමණ නරක් වූ මාළු තිබූ බව වාර්තා වෙනවා.

දැනගන්නට ලැබෙන පරිදි මාතර හා යටියන යුධ හමුදා කඳවුරු වෙතද එළවලු, මාළු සහ මස් සපයන්නේ මෙම සැපයුම්කරුවායි. අත්අඩංගුවට ගත් මාළු තොගය විනාශ කිරීමෙන් පසු දැඩි ලෙස අවවාද කරමින් මෙම සැපයුම්කරුවා මුදා හැරීමට ක්‍රියා කර තිබෙනවා. තවදුරටත් ඔහුගෙන්ම කඹුරුපිටිය අභිමංසලට සහ පෙර සඳහන් හමුදා කඳවුරුවලට ආහාර ද්‍රව්‍ය සපයා ගන්නේද යන්න අනාවරණය වී නැහැ.