කඳුකරයේ කුඩු කාරයෝ දැලේ

ඇඳිරි නීති රෙගුලාසි උල්ලංඝනය කරමින් හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටි තරුණයන් තිදෙනෙක් සැකපිට (16) දින පස්වරුවේ ගිනිගත්හේන නගරයේදි අත්අඩංගුවට ගත් බව හැටන් සුරාබදු කාර්යාලයේ නිලධාරින් පැවසිය. අත්අඩංගුවට ගත් සැකකරුවන් ගිනිගත්හේන ප්‍රදේශයේ හෙරොයින් මත්ද්‍රව්‍යය අලෙවි කරන බවට ලද තොරතුරක් මත හැටන් සුරාබදු කාර්යාලයේ නිලධාරින් විසින් උපාය දුතයෙකු යොදවා ඔවුන් අත්අඩංගුවට ගත් බව වාර්තා වෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබි හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රැම් 940 ක් අත්අඩංගුවට ගත් බවත්, සැකකරුවන් ගිනිගත්හේන ප්‍රදේශයේම පදිංචි අවුරුදු 20 – 30 වයස් කාණ්ඩවල පසුවන අය බවත් වැටලිම සිදු කළ හැටන් සුරාබදු කාර්යාලයේ නිලධාරින් පවසනවා.
සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.