කඳුකරයට මහ වැසි. ජලාශ පිටාර මට්ටමේ
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අඛන්ඩව ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීමට පටන් ගෙන තිබේ. මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 4 ක් දක්වාත් කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 3 ක් දක්වාත් ළඟා වී තිබෙන බව ජලාශ භාර ඉංජිනේරුවෝ පවසති. අධික වර්ෂාවත් සමඟ කඳුකරයේ දිය ඇලි වලට ලැබෙන ජල ධාරිතාව ඉහළ යෑමෙන් දිය ඇලි රැසක් සක්‍රීය වී තිබේ.