කන්තලේ සීනි කම්හලේ ඉඩම් තුල වගා කල ගොවීන්ට මහ කන්නය අහිමි වේද?
ලක්මාල් බදුගේ
වසා දමා ඇති කන්තලේ සීනි කම්හල් භූමියට අයත් උක් වගා භූමියේ තාවකාලික පදනම මත විවිධ භෝග වගා කල ගොවීන් හට මෙවර මහ කන්නයේ සිට වගා කිරිමට ඉඩ නො දීම හේතුවෙන් තමන් මහත් සේ අසරණ වි ඇතැයි ගොවිහු කියති.
රජයට ගෙවිය යුතු නියමිත ගාස්තු ගෙවිමෙන් පසුව ඉඩම් අමාත්‍යාංශය විසින් මෙම භූමිය ගොවින් හට වගා කටයුතු කිරිම සදහා අක්කර දෙක බැගින් ලබා දි තිබුණි ඉන් අනතුරුව ඔවුන් විසින් විශාල මුදලක් වියදම් කර යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් බිම් සකස් කර ගත් බවත් මෙවර මහ කන්නයේ සිට සිය වගා කටයුතු අත්හැරිම නිසා ජිවත්විමද අසීරු වි ඇති බව ගොවිහු කියති.
ගොවින් එසේ කියා සිටියද බලධාරින් මෙම ඉඩම් ලබා දි ඇත්තේ තාවකාලික බලපත්‍ර ක්‍රමයක් යටතේ සීනි කම්හල ආරම්භ කිරිමෙන් පසුව එම ඉඩම් ආපසු ලබා ගැනිමේ පොරොන්දුව මත විම විශේෂත්වයකි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සීනි කම්හල් බිමෙහි වගාකරුවකු වු ඊ. එල්. එම්. තිස්ස බණ්ඩාර “..මට ස්ථිර රැකියාවක් නැහැ සිනි කම්හල බිමේ ඉඩම් අක්කර දෙකක් ගාස්තු ගෙවලා අරගෙන තල වගා කලා ඉන් ආදායමක් ගත්තා මෙවර උක් වගා කරන්න කියලා අක්කර දෙක ආපහු ගන්නයි යන්නෙ අපි කන්න කිහිපයක්ම වගා කරලා ජිවිකාව ගැට ගහ ගත්තත් මේ ඉඩම ආපසු ගැනීමෙන් මෙවර ජීවත් වෙන්න වගා කිරිමට ඉඩම නැතිවෙනවා. මොනවහරි විකල්පයකට යනකම් මහා කන්නය වගා කරන්න හෝ ඉඩ දෙන්න කියලයි.” මම ඉල්ලන්නේ ඔහු පවසයි.
“..මම අක්කර පහක් රජයේ ගාස්තු ගෙවලා අරගෙන උදු වගා කලා ගියවර කන්නයේදි මම උදුවලට අමතරව මුං ඇටත් වගා කලා වැසි ජලයෙන් විතරයි අපි වගා කරන්නේ මේ සැරේ සීනි කම්හලේ උක් වගා කරනවා කියලා අපිට ආයේ වගාවට ඒ ඉඩම් දෙන්නෙ නැහැයි කියනවා එහෙම වුනොත් මට යන එන මං නැතිවෙනවා.” යැයි සිනි කම්හල් භූමියේ වගා කටයුතු කල ගොවියකු වන කේ. ජී. වසන්ත කුමාර පවසයි.

තාවකාලික පදනම මත සීනි කම්හලින් ඉඩම් ලබා ගෙන වගා කටයුතු කරමින් සිටියදි මෙවර එකවර එම ඉඩම් යලි පවරා ගැනීම නිසා

අසරණව සිටින ගොවින් ගෙන් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් කල විමසුමකට පිළිතුරු දුන් ත්‍රිකුණාමලය දිසාපති සමන් දර්ශණ පාඩිකෝරාල මහතා පැවැසුවේ සීනි කම්හල විවෘත කිරිමට ආයෝජකයන් පැමිණ ඇති බවයි එම නිසා සීනි කම්හලට අයත් වගා කටයුතු සදහා ගොවින් වෙත තාවකාලිකව බෙදා දි තිබු ඉඩම් නැවත ලබා ගැනීමට සිදුවන බවයි. “..කෙසේ වෙතත් මේ කන්නය කරගෙන යන්න මේ අයට ඉඩම් ටික දෙන්න පුළුවන්ද කියලා ඉඩම් අමාත්‍යාංශයෙන් මම ඉල්ලීමක් කරලා තියෙනවා.” යැයි හෙතෙම වැඩිදුරටත් පවසයි.