කතානායක ධූරය මෛත්‍රීට
නව පාර්ලිමේන්තුවෙහි කතානායක ධූරයට හිටපු ජනාධ්පති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හා පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කිරීමට නියමිත බවට දේශපාලන ආරංචි පැතිර යමින් පවතී.
අද උදෑසන මහනුවර මඟුල් මඩුවේදී අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සිදු වූ අතර එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පිරිනැමුණු කැබිනට් හෝ රාජ්‍ය අමත්‍ය ධූර කිසිවකට මෛත්‍රීපාල සිරිසේන නම් කෙරුණේ නැත.
එසේම හිටපු කතානායක ජනපති සොයුරු චමල් රාජපක්ෂ මහතාටද රාජ්‍ය අමාත්‍ය ධූරයක් වෙන් විය.
ඒ අනුව මීළඟ කතානායකවරයා සිරිසේන මහතා බවට පැතිර යන ආරංචි සත්‍යයක් වන ලකුණු තිබේ.