කටාර්හී සේවයට ගිය ලාංකිකයෙකු මරුට

කටාර්හී  සේවය කරමින් සිටියදී  හදිසි අනතුරකින් මරණයට පත් වූ  සුරන්ජන්  මිරැන්ඩා  (38)  නමැති   හලාවත කොට්ටපිටිය  හේන්යාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන  තිදරු පියෙකුගේ දේහය හැකි ඉක්මනින් මෙරටට ගෙන්වා දෙන මෙන් ඥාතීහු ඉල්ලා සිටිති.
ඔහු කටාර්හී  කර්මාන්ත ශාලාවක සේවය කරන්නේ 2017 09 18  දින සිටයි.  පසුගිය සෙනසුරාද (16) මෙරට වේලාවෙන් මධ්‍යම රාත්‍රියේදී මරණීය අනතුරට ලක් වීමට සුළු  මොහොතකට පෙරද ඔහු සිය බිරිඳට දුරකතනයෙන් කතා කර ඇත. හෙතෙම සේවය කළ ආයතනයේ සේවය කරන  ශ්‍රී ලාංකිකයෙකු ඥාතීන්ට පවසා ඇත්තේ  ගල් කැඩීමේ  යන්ත්‍රයක  සේවය කරමින් සිටියදී  ඇදවැටීමෙන් මරණය සිදු වූ බවයි. පියා මියගිය බවට වැටහීමක් නැති සුරන්ජන්ගේ හත් හැවිරිදි බාල දරුවා හා සෙසු දරුවන්ද, බිරිඳද ඉල්ලා සිටින්නේ දේහය මෙරටට ගෙන්වා දෙන ලෙසයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *