ඕස්ට්‍රේලියාවට බෝට්ටුවකින් ඇතුළු වීමට උත්සාහ කළ චීන ජාතිකයන් හය දෙනෙකු සම්බන්ධ පරීක්ෂණ..

ඕස්ට්‍රේලියාවේ උතුරු මුහුදට බෝට්ටුවකින් ඇතුළු වීමට උත්සාහ කළ චීන ජාතිකයන් හය දෙනෙකු සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ සහ ඉන්දුනීසියාවේ දේශසීමා හා ජෛව ආරක්ෂණ මෙහෙයුම් බළකා මඟින් පර්යේෂණ ආරම්භ කර තිබේ.
දැවමය ධීවර බෝට්ටුවල නැගී ටිමෝර් මුහුද හරහා සාගරය තරණය කිරීම ඕනෑම වේලාවක අනතුරුදායක වන නමුත් ලොව ම කොරෝනා වෛරස් බිය මධ්‍යයේ සිටින මොහොතක මේ පැමිණීම ඕස්ට්‍රේලියා බලධාරීන් අතිශය දුෂ්කරතාවකට පත් කරන්නට හේතු වී ඇතැයි වාර්තා වේ.
මෙම පුද්ගලයින් හය දෙනා සහ ඔවුන් පැමිණි බෝට්ටුව පැද වූ කාර්ය මණ්ඩලයේ ඉන්දුනීසියානු ජාතිකයන් දෙදෙනා නැගෙනහිර නුසා තෙන්ගරා පළාතේ රොට් දූපතේ පිහිටි නාවික කඳවුරක රඳවාගෙන සිටින අතර වෛරසයට එරෙහිව පූර්වාරක්ෂාවක් ලෙස ඔවුන්ගේ ලී බෝට්ටුව ද නිරෝධායනයට ලක් කර කර ඇත.
අලුත් අවුරුදු දිනයේදී සිය මව් පළාත වන නැගෙනහිර චීනයේ ජියැන්ග්සු සිට බාලි වෙත මෙම චීන ජාතිකයින් පැමිණ ඇතැයි වාර්තා වේ.