ඔස්ට්‍රෙිලියාවේ සිට බංග්ලාදේශයට ශ්‍රී ලංකන් විශේෂ යානයක්

කොරෝනා වසංගත ව්‍යාප්තිය නිසා සිය රට යෑමට නොහැකිව ඔස්ට්‍රේලියාවේ රැඳී සිටි බංග්ලාදේශ ජාතිකයන් පිරිසකට සිය රට යෑම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ ගමනාගමන පහසුකම් හිමිව තිබේ. ඒ අනුව බංග්ලාදේශ ජාතිකයන් 165 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් යානයක් ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
ඔස්ට්‍රෙිලියාවේ මෙල්බර්න් සිට බංග්ලාදේශයේ ඩකා දක්වා ජාත්‍යන්තර ගුවන් ගමන් මාර්ගයක් නොමැති නිසා ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීම සිදු වේ. මෙල්බර්න් සිට පැමිණි පිරිස කටුනායකදී විෂබීජ හරණයට ලක්කිරීමෙන් අනතුරුව තවත් විශේෂ ගුවන් යානයකින් පිටත් කර හරිනු ලැබු අතර මෙතෙක් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටි බංග්ලාදේශ ජාතිකයන් 11දෙනෙකුද ඒ සමඟ පිටත්කර හරිනු ලැබීය.