ඔට්ටුවට බූරුවා ගැසූ නාවලපිටියෙ අලි නගරාධිපති පොලිස් දැලේ

 ඔට්ටුවට බූරුවා ගැසූ නාවලපිටියෙ අලි නගරාධිපති පොලිස් දැලේ

dav

එක්සත් ජාතික පක්ෂ නාවලපිටිය සංවිධායක, නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජිව ඇතුළු පිරිසක් ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක බූරුවා ගසමින් සිටියදී පෙරේදා (30) පස්වරුවේ වටවල හා ගිනිගත්හේන පොලිස් ස්ථානවලට අයත් නිලධාරීන් කණ්ඩායම් දෙකක් ඒකාබද්ධ මෙහෙයුමක් මගින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ගිනිගත්හේන පොලිස් වසමට අයත් අඹගමුව සංචාරක හෝටලයක පිරිසක් මුදල් ඔට්ටුවට බූරුවා ගසමින් සිටින බවට ලද තොරතුරක් මත පොලීසිය අදාළ ස්ථානය වටලා ඇත.එම අවස්ථාවේ නාවලපිටිය නගරාධිපතිවරයා ඇතුළු හත් දෙනකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.වැටලීම සිදුකළ අවස්ථාවේ  කිහිප දෙනෙකු පළාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි.

සභාපතිවරයාගේ පුද්ගලික වාහනය සමඟ තවත් මෝටර් රථ දෙකක්ද සූදු ක්‍රීඩාවේ නිරතව සිටි පිරිස් පානය කරමින් සිටි රා බෝතල් කිහිපයක්ද පොලීසිය භාරයට ගෙන තිබේ. 

මෙම පිරිස නිරෝධායන නීතිද උල්ලංඝනය කරමින්  සූදු ක්‍රීඩාවේ නිරතව සිටි බවත් ඔවුන් හැටන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් පොලීසිය පවසයි.

සංචාරක හෝටලයේ මුරකරුද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින අතර සෙසු සැකකරුවන් නාවලපිටිය, නෝටන්බ්‍රිජ් කලවැල්දෙණිය සහ හැටන් ප්‍රදේශ වල පදිංචිකරුවන් බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *