එ.ජා.ප ප්‍රාදේශීය ප්රබලයෙකු පොහොට්ටුවට
රත්නපුර දිස්ත්‍රික්කයේ එ.ජා.ප ප්‍රාදේශීය දේශපාලනඥයෙකු මෙන්ම පළාත් පාලන ආයතනයක මුල් පුටුව හොබවන පුද්ගලයෙකු අද සන්ධ්‍යාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට නියමිත බව වාර්තා වේ.
පසුගිය වකවානුවේ එක්සත් ජාතික පක්ෂය දෙකඩ කරමින් සමගි ජන බලවේගය නිර්මාණය කිරීමට සජිත් ප්‍රේමදාස මහතා සමග රත්නපුරයේ බහුතර එ.ජා.ප දේශපාලනඥයින් එක් වූවද ඒ අවස්ථාවේ ඔහු පවසා තිබුණේ තමන් රනිල් වික්‍රමසිංහ නායකත්වය පිළිගෙන පක්ෂයේ රැඳී සිටින බවයි.
එහෙත්, පසුගිය දිනවල එක්සත් ජාතික පක්ෂයේ කිසිම මහජන හමුවකට හෝ සිරිකොත මෙහෙයවීමෙන් පැවති වැඩසටහන් කිසිවකට ඔහු සම්බන්ධ වූයේ නැත. දැනගන්නට ලැබෙන පරිදි මෙම තරුණ දේශපාලනඥයා මේ වනවිට රත්නපුර දිස්ත්‍රික්කයේ ජනප්‍රිය දේශපාලන තාරකාවක් බවට පත් වෙමින් සිටින අකිල එල්ලාවලට සහය දෙමින් බලංගොඩදී ඔහු හා එක්වීමට නියමිතය.