එ.ජා.ප නායකත්වය තවම තීරණයක් නෑ.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳව තවමත් එනම් 2020 ජනවාරි 16 ලංකාවේ වේලාවෙන් රාත්‍රී නවය වනතුරුත් තීන්දුවක් ගෙන නොමැත. අප වෙබ් අඩවිය යාවත්කාලීන කරන මොහොතේත් පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල සභිකයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගි වන රැස්වීම පැවැත්වෙමින් තිබුණි. එහි සිට අප ඇමතූ එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කළේ උණුසුම් වාද විවාද මධ්‍යයේ රැස්වීම පැවැත්වෙන අතර නායකත්වය ගැන තවම තීන්දුවක් නොගත් බවයි.
ඒ අතර අද උදෑසන මල්වතු මහ නාහිමියන් බැහැ දුටු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ සන්ධ්‍යාවේ පැවැත්වෙන රැස්වීමේදී සියල්ල සුබදායී අන්දමින් නිමා වනු ඇති බවයි. කුළල් කා ගැනීමෙන් තොරව ප්‍රශ්න විසඳාගැනීම පක්ෂයේ අනාගතයට සුබ දායක බව එහිදී මහනාහිමියෝ විපක්ෂ නායකවරයාට පවසා ඇතැයි වාර්තා වේ.