එසැන පුවත්, බදුල්ල බස් රථ අනතුර
මඩොල්සිම මාළිගාතැන්න 06 කණුව ආසන්නයේ සිදු වූ බස් රථ අනතුර නිසා 09 දෙනෙකු මේ වනවිට මිය ගොස් ඇතැයි වාර්තා වේ. ලොරියකට මාර්ගයේ ඉඩ දීමට උත්සාහ ගැනීමේදී ප්රපාතයෙන් පහළට ඇද වැටී ඇත්තේ බදුල්ල සිට පස්සර, මඩොල්සිම හරහා ඇකිරිය දක්වා ධාවනය වන ලංගම බස් රථයයි. 30කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති අතර මේ වනවිට තුවාලකරුවන් පස්සර සහ බදුල්ල රෝහල් වෙත ඇතුළු කිරීමට පියවර ගෙන තිබේ. පස්සර මඩොල්සිම මාර්ගය අධික බෑවුම් සහ ප්රපාතවලින් සමන්විත පටු මාර්ගයකි.