එසැණ පුවත්, මන්දට හසු වූ කොටි දෙදෙනාගෙන් එකෙකු මිය යයි

කොත්මලේ හෙල්බොඩ වතුයායේ ලඳු කැලෑවක් තුළ එකම ස්ථානයක අටවා තිබූ මදුවලට කොටි දෙදෙනෙකු අද (23) අසුව තිබේ. මෙම කොටි දෙදෙනා අතරින් එක් කොටියෙකු එම ස්ථානයේම මියගොස් සිටි ඇති අතර අනෙක් කොටියා ප්‍රතිකාර සඳහා රන්දෙණිගල පශු වෛද්‍ය කාර්යාලයට යොමුකර ඇත.
මන්දට අසුව සිටි කොටි දෙදෙනාම හොඳින් වැඩුණු සතුන් බව වනජීවි නිලධාරිහු පවසති. වන සතුන් දඩයම් කිරීමට අටවනු ලබන මදුවලට අසුව පසුගිය මාස දෙකක පමණ කාලය තුළ දුර්ලභ කළු කොටියෙකු ඇතුළු කොටි සිව් දෙනෙකු නල්ලතන්නිය හා කොත්මලේ වනජීවි කාර්යාල බල ප්‍රදේශවල මියගොස් තිබේ.
මන්දට අසුවීමෙන් තුවාල ලත් කොටියා අධික වේදනාවෙන් පසුවත්දී පශු වෛද්‍ය කණ්ඩායමක් නිර්වින්දය කර ඌ ප්‍රතිකාර සඳහා යොමුකර ඇත. එකම ස්ථානයක අටවා තිබූ මදු දෙකකට එකවර කොටි දෙදෙනෙකු හසුව තිබෙන ප්‍රථම අවස්ථාව මෙය වෙයි.