එසැණින් පුවත්; දැඩි ගංවතුර තත්ත්වයක් බලංගොඩ යට වෙයි.
වසර ගණනාවකට පසු බලංගොඩ නගරයේ බස්නැවතුම්පළ ඇතුළු ස්ථාන රැසක් අඩි හයක් පමණ උස ජල ප්‍රවාහයකින් යට වී තිබේ. නගරය මධ්‍යයෙන් ගලා යන දොරවෙල ගංගාව දින තුනක් තිස්සේ ඇදහැලෙන දැඩි වර්ෂාව නිසා උතුරා යමින් තිබේ. වාහන රැසක් හා වෙළඳසැල් ගණනාවක් ජල ප්‍රවාහයට හසුව තිබේ. ඇතැම් කුඩා වාහන ජලයේ පාවෙමින් තිබේ. නගරයේ බස් නැවතුම්පළට ඇතුළු විය නොහැකිය. බලංගොඩ රෝහල අසළින් ගලා යන වළවේ ගංගාව පිටාර මට්ටමට ආසන්න බව ප්‍රදේශවාසීහු පවසති.
නගරයට පිවිසෙන මාර්ග රැසක් ජලයෙන් යටව තිබේ. බලංගොඩ පොලීසිය සහ ආපදා කළමනාකරණ අංශ අවතැන්වූවන් ඇත්නම් මුදාගැනීමේ හා සහන සැළසීමේ කටයුතු ආරම්භ කර ඇත. ජලය බැසයාමේදී වළවේ ගංගාවේ පහළ නිම්න හා දොරවෙල ගංගාව නිසා ඕපනායකද දැඩි අවදානමකට ලක්විය හැකි නිසා ප්‍රවේශම් වන්නැයි ජනතාවට අනතුරු අඟවනු ලැබේ.