එයාර් බස් හොරු අල්ලයි

 එයාර් බස් හොරු අල්ලයි

4rabm

එයාර් බස් ගණුදෙනුවකට අදාලව මූල්‍ය වංචාවකට දායක වී ඇතැයි කරුණු සඳහන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු විධායක කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායක අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගැනෙන වරදකට ඔවුන් දායක වී ඇතැයි අධිකරණය හමුවේ කරුණු වාර්තාකර වරෙන්තුවක් ලබාගෙන මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරන ලෙස නීතිපතිවරයාගේ උපදෙස්වල වැඩිදුරටත් සඳහන් වෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයාට ලබාදුන් මූලික විමර්ශන ගොනුවේ කරුණු අධ්‍යනය කිරීමෙන් පසුවයි මෙසේ උපදෙස් ලබා දී තිබෙන්නෙ.

මෙම දූෂිත ගණුදෙනුව පිළිබඳ කරුණු දැක්වූ වාර්තාවකට අනුව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් හී විධායක අධ්‍යක්ෂ අශෝක ඔබේසේකර කියා සිටියේ ප්‍රංශයේ නිෂ්පාදිත A 350 යානා මිළදී ගැනීම වෙනුවෙන් මැදිහත්වීමට අදාල පාර්ශවවලට අල්ලස් ලෙස ඩොලර් මිලියන 16කට (2015 දී රුපියල් බිලියන 2.5) ආසන්න මුදලක් ගෙවීමට නිෂ්පාදකයා එකඟ වී තිබුණු බවයි. ඉන් අනතුරුව අවම වශයෙන් ඉන් ඩොලර් මිලියන 02ක් කපිල චන්ද්‍රසේනගේ බිරිඳ නමින් ඇති බෲනායි හී සමාගමක ගිණුමකට ගෙවා තිබෙනවා. වාර්තා වන අන්දමට මේ සමාගමද ව්‍යාජ ලෙස ලියාපදිංචි කරන ලද්දක්.

කෙසේ වෙතත් අවසානයේ මේ ගණුදෙනුව අවලංගු කිරීමට සිදුව ඇති අතර ඊට දණ්ඩන ගෙවීම් වශයෙන් ඩොලර් මිලියන 116ක් හෙවත් රුපියල් බිලියන 17ක් ගෙවීමට ශ්‍රී ලංකන් සමාගමට සිදුව තිබෙනවා. මෙම ගණුදෙනුවට අදාල ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇතුළු සියල්ල දූෂිත බව පෙන්වන සාක්ෂි දැන් ති⁣බෙන බැවින් ශ්‍රී ලංකාවට සිදු වූ පාඩුව සම්බන්ධයෙන් දේශීය හා විදේශීය වශයෙන් පියවර ගත යුතු බවද අශෝක ඔබේසේකර පවසනවා.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *