එයාර් බස් වංචාව – TISL ආයතනය එක්සත් රාජධානියේ බරපතල වංචා පිලිබඳ කාර්යාලයට ලියයි.

 එයාර් බස්   වංචාව –   TISL  ආයතනය එක්සත් රාජධානියේ බරපතල වංචා පිලිබඳ කාර්යාලයට ලියයි.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය 2020 මාර්තු 06 වන දින එක්සත් රාජධානියේ බරපතල වංචා පිලිබඳ කාර්යාලයේ අධ්‍යක්ෂක වෙත ලිපියක් යොමු කරමින්,එයාර් බස් SE සමඟ ඇතිකරගත් ඩොලර් බිලියන 3.6ක පියවීමේදී ශ්‍රී ලංකාවට වන්දි ලබාගැනීමට ඇති අයිතිය පිලිබඳ විමසුම් මාලාවක් ඉදිරිපත් කරන ලදී.

එයාර් බස් SE සමඟ සිදුකරන ලද දූෂිත ගනුදෙනුවේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ගුවන් සමාගමට සිදුවී ඇති ඩොලර් මිලියන 116ක අලාභය පියවා ගැනීම සඳහා TISL ආයතනය විසින් සිදුකරගෙන යනු ලබන අඛන්ඩ වැඩකටයුතුවල කොටසක් මෙම ලිපියේ අන්තර්ගත වේ.

TISL ආයතනය මීට පෙර බරපතල වංචා පිලිබඳ කාර්යාලය, ප්‍රංශයේ Parquet National Financer සහ එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව වෙත ඒකාබද්ධ ලිපියක් යොමු කරමින් මෙම දූෂණ චෝදනාවේදී එයාර් බස් SE හි හැසිරීම් පිළිබඳවත්, කිසියම් වැරදිසහගත ක්‍රියාවක් සිදු වී නම් ඉන් හානියට පත්වූවන්ට වන්දි පියවීම සහතික කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවත් අවධාරණය කරන ලදී.

බරපතල වංචා පිලිබඳ කාර්යාලයේ අධ්‍යක්ෂක වෙත පසුගිය සතියේ යොමුකරන ලද ලිපියෙහි අල්ලස්, දූෂණ සහ ආර්ථික අපරාධ නඩු වලදී විදේශීය වින්දිතයන්ට (බලපෑමට ලක් වූ රාජ්‍යයන් ද ඇතුළුව) වන්දි ගෙවීමේදී,එක්සත් රාජධානියේ වන්දි ගෙවීමේ පොදු මූලධර්මයන් පිලිබඳ TISL ආයතනය මෙහිදී අවධාරණය කර ඇත. මෙම සිදුවීමේදී,ශ්‍රී ලංකාවට වන්දි ඉල්ලා සිටීමේ නිත්‍යානුකුල අයිතියක් ඇති බව TISL ආයතනය විශ්වාස කරයි.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *