එබෝලා මර්ධනය කළ වීරයෝ

ජීවිත 2287ක් බිලිගත් එබෝලා ව්‍යසනය එරෙහිව සටන් කළ වීරයන් ගැන කියන්නට කතාවක් ඇත.
කොංගෝ ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ උතුරු කිවු සහ ඉටුරි පළාත්වල දහවැනි වතාවටත් වාර්තා වූ එබෝලා පුපුරා යාම 2020 ජූනි 25 වෙනිදා නිමාවට පත් වුණේ කිසිම නව ආසාදිතයෙක් වාර්තා නොවීම නිසා. 2018 අගෝස්තු පළමුවෙනිදා මුල්වරට වාර්තා වූ සිදුවීම්වලින් දෙවසරකට පසුව මේ සැතපුම් කණුව පසු කිරීම සඳහා දැඩි වෙහෙසක් ගන්නට සිදු වුණා. කොංගෝවේ සෞඛ්‍ය බලධාරීන්, ලෝක සෞඛ්‍ය සංවිධානය, ව්‍යාධි පාලන හා වැළැක්වීම සඳහා වූ අප්‍රිකානු මධ්‍යස්ථානය, යුනිසෙෆ්, රතුකුරුස සංවිධානය වැනි දේශීය හා ජාත්‍යන්තර සංවිධාන, ආධාර දෙන ආයතන, පර්යේෂකයෝ ව්‍යසනය මැඩලීම සඳහා පුළුල් පරාසයක සහාය දුන්නා. ඉටුරි හා උතුරු කිවු පළාත්වල ගම් නගර සිසාරා ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීමේදී , සම්බන්ධතා ගොඩ නගා ගැනීමේදී, ජනතාව එන්නත්කරණය කරද්දී, ඖෂධ සහ සැපයුම් ප්‍රවාහනය කරද්දී, එබෝලා සටනට ජනතාව පෙළ ගස්වද්දී හදිසි ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම් ආරක්ෂාව පිළිබඳ අවදානමට පවා මුහුණ පෑවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ තවත් සංවිධාන ගණනාවක සහාය ඇතිව කොංගෝ ජනරජය ගත් නිසි ක්‍රියාමාර්ග නිසා සංකීර්ණ සහ දීර්ඝ සටනක් අවසානයේ එබෝලා දසවැනි පුපුරා යාම නිමා කළ බව නිවේදනය කිරීමට ඔවුන්ට හැකිව තිබෙන අතර අනතුරුදායක බව නොසළකා එම කාර්යයට දායක වූ සියලු පාර්ශවවලට සුබ පතන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එසේ නමුත් එළඹෙන මාස කිහිපය තුළ පවා දිගින් දිගටම අවධානයෙන් බැහැර නොවී කටයුතු කිරීම වැදගත් වන බව සහ ගොදුරු වූවන්ට ආතතියෙන් මිදීමට සහ ස්ථාවර වීමට සහය දීම, ශක්තිමක් වගවීමේ යාන්ත්‍රණයක් පවත්වා ගෙන යාම වැදගත් බවත් ඔවුන් අවධාරණය කරනවා.
“මේ පුපුරා යාම අපෙන් බොහෝ දේවල් උදුරා ගත්තා. විශේෂයෙන්ම කොංගෝ ජනරජයේ මහජනයාගෙන්. නමුත් අපි වටිනා පාඩම් සහ වටිනා මෙවලම් සමඟ ඉන් මිදී තිබෙනවා. දැන් ලෝකය එබෝලාවලට එරෙහි වඩා හොඳ උපකරණවලින් සන්නද්ධයි. එන්නතක් නීතිගත වෙලා තියෙනවා. සාර්ථක ප්‍රතිකර්ම සොයාගෙන තිබෙනවා” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්රොස් අබනුම් ගෙබ්‍රියේසුස් පවසනවා.
“අපි මේ මොහොත සැමරිය යුතුයි. නමුත් අපි සෑහීමකට පත් නොවිය යුතුයි. වෛරස විරාම ගන්නේ නැහැ. අන්තිමේදී, ඕනෑම පුපුරා යාමකට එරෙහි හොඳම ආරක්ෂාව විශ්වීය සෞඛ්‍ය ආරක්ෂාව සඳහා පදනම දැමීම සඳහා ශක්තිමත් සෞඛ්‍ය සේවා ව්‍යුහයක් කෙරෙහි ආයෝජනය කිරීමයි.”
උතුරු කිවු පළාතේ එබෝලා වෛරස පුපුරායාම නිවේදනය කරන ලද්දේ 2018 අගෝස්තු පළමු වැනිදා ලොව දෙවන විශාලතම එබෝලා පුපුරා යාම ලෙස සහ එහි තිබූ ගැටලුව මේ කලාපය ගැටුම් සක්‍රිය ප්‍රදේශයක් වීම. මේ කාලය තුළ එම පළාතෙන් ආසාදන සිදුවීම් 3470ක් වාර්තා වී ඉන් 2287 දෙනෙකු මරණයට පත්ව 1171 දෙනෙකු දිවි ගලවා ගත්තා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ තවත් සංවිධානවල සහය ලබමින් කොංගෝ ජනරජයේ නායකත්වයෙන් එරට සෞඛ්‍ය අමාත්‍යංශය දියත් කළ මාස 22ක් තිස්සේ ඇදුනු මෙහෙයුම්වලදී දහස් ගණනක් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පුහුණු කිරීම, 250000ක් දෙනා ලියාපදිංචි කිරීම, සාම්පල 220000ක් පරීක්ෂා කිරීම, උසස් තත්ත්වයේ ප්‍රතිකර්ම සඳහා සෑම රෝගියෙකුටම සම ප්‍රවේශන ලබා දීම, 303000කට අධික පිරිසක් ඉහළ සාර්ථකත්වයක් පෙන්නුම් කළ rVSV-ZEBOV-GP වැක්සීනයෙන් එන්නත්කරණය සහ සුවපත් වූ පසුත් ආරක්ෂා වීම සඳහා සියලු රෝගීන් දැනුවක් කිරීම ආදිය සිදු වුණා.

ව්‍යසනයට ගොදුරු වූ ජනයාගේ නායකත්වය සහ සහාය මේ මෙහෙයුමට උපකාරයක් වුණා. ව්‍යසනය ලෝකය කරා ව්‍යාප්ත වීම වළක්වාලීම සඳහා දේහීය ක්‍රියාකාරීන් 16000ක් සහ ලෝක සෞඛ්‍ය සංවිධානවය පාර්ශවයෙන් 1500ක් පමණ වැඩ කළා. එක්සත් ජාතීන්ගේ ආයතන, දේශීය හා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන, පර්යේෂණ ජාල සහ මූල්‍ය ආධාර සැපයූවන්ගේ කාර්යභාරයද අතිමහත්. ව්‍යසනය ව්‍යාප්ත වීමේ හැකියාව අවුරාලමින් යාබද රටවලට අවශ්‍ය මූලික පියවර ගැනීමට සැළෑස්වීම සඳහා අසීරු වැඩ කොටසක් කරන්නට සිදු වුණා.
කොංගෝ ජනරජයේ මේ දසවැනි එබෝලා පුපුරා යාම අවසන් කර තිබියදී , දිගින් දිගට එබෝලාව ව්‍යාප්ත වීමට එරෙහි සටන නිමාවී නැහැ. 2020 ජූනි පළමුවැනිදා Mbandaka නගරයෙන් සහ යාබද Equateur පළාතේ Bikoro සෞඛ්‍ය කලාපයෙන් එබෝලා රෝගීන් 07 දෙනෙකු වාර්තා වීම නිසා 11 වැනි පුපුරා යාමක් ප්‍රකාශයට පත් කෙරුණා. එමනිසා කොංගෝ ජනරජයට සහාය දීම සඳහා 50ක කාර්ය මණ්ඩලයක් එහි නවත්වා සිටින ලෝක සෞඛ්‍ය සංවිධානය එන්නත්කරණ 5000ක් දියත් කළා.
ලසන්ත ද සිල්වා