එන්නත් මාත්‍රා දෙකම ගත්තත් තවදුරටත් පරිස්සම් විය යුතුයි – ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපති, මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

දැනට ක්‍රියාත්මක කොවිඩ්-19 ට එරෙහි එන්නත්කරණ ක්‍රියාදාමය මෙයාකාරයට ම පවත්වාගත හැකි වුවහොත් ලබන සැප්තැම්බර් මාසය වන විට රට සම්පූර්ණයෙන් ම විවෘත කළ හැකි වනු ඇතැයි අනාවැකි පළවන්නේය. අනපේක්ෂිත ලෙස බරපතළ තත්ත්වයක් උද්ගත නොවුණහොත් සැප්තැම්බරය වන විට රට විවෘත කළ හැකි වනු ඇතැයි අනාවැකි පළවන්නේය. මුලදී යම් යම් අඩුපාඩු හා දුර්වලතා දක්නට ලැබුණද මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය මේ වන විට ක්‍රමවත් ලෙස සිදුවන බවක් පෙනෙන්නට ඇත්තේය. පසුගිය දින කිහිපය පුරාම දෛනිකව ලබාදුන් එන්නත් ප්‍රමාණය ලක්ෂ තුන ඉක්ම වූ අතර එන්නත්කරණය වේගවත් කොට ඇති බව ඉන් පැහැදිලි වන්නේය.

පසුගිය ජූලි 15 දින වන විට, විවිධ වර්ගයේ එන්නත් මාත්‍රා 9231000ක් මෙරටට ලැබී තිබුණු අතර තවත් එන්නත් මාත්‍රා 14200000ක් නුදුරේදී ම ලැබීමට නියමිත බව වාර්තා වන්නේය. සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 100ක්  ලංකා රජයේ මුදලින් ඇණවුම් කර තිබෙන බවත් ඊට අමතරව තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16ක් චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබීමට නියමිත බවත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පසුගියÞ මාධ්‍යයට පවසා තිබුණේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් පමණ නොමිලයේ ලැබෙන බවත් ජපන් රජයේ පරිත්‍යාගයක් ලෙස ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 14ක් පමණ ලැබීමට නියමිත බවත් විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා තවදුරටත් පවසා තිබුණේය. ඒ අනුව බලනා විට ලබන සැප්තැම්බර් මාසය වන විට හැකි උපරිම පිරිසකට එන්නත් ලබාදීමේ රජයේ ඉලක්කය සපුරා ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

පසුගිය ජූලි 15 දින වන විට › ලංකාවේ සමස්ත ජනගහණයෙන් සියයට 7.5කට එනම් මිලියන 1.628ක පමණ පිරිසකට එන්නත් මාත්‍රා දෙකම ලබාදී තිබුණු අතර සියයට 24කට නැතහොත් මිලියන 5.175ක පිරිසකට එන්නත් මාත්‍රා එකක් හෝ ලබාදී තිබුණේය. ජූලි මාසය අවසන් වන විට බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි හැම කෙනෙකුට ම එන්නත් ලබාදීම රජයේ ඉලක්කය වී ඇති අතර සෙසු පළාත්වල එම ඉලක්කය සපුරා ගැනීමට බලාපොරාත්තු වන්නේ අගෝස්තු මාසයේදීය. රටේ ජනගහණයෙන් වැඩි පිරිසක් එන්නත්කරණයට ලක්කිරීමෙන් සමාජය තුළ සමූහ ප්‍රතිශක්තියක් (Herd Immunity) ගොඩනැගෙතැයි අපේක්ෂා කෙරෙන අතර ලෝකයේ බොහෝ රටවල් මේ වන විට කොවිඩ් වසංගත මර්ධන වැඩසටහන් තුළ වැඩි බර යොÞ ඇත්තේ එන්නත්කරණයටයි. තවද එන්නත් මාත්‍රා දෙකම ලබාගත් අයෙකුට වෛරසය වැළඳුණද අසාධ්‍ය තත්ත්වයට පත්වීමේ ඉඩකඩ අඩු යැයි කියැවෙන්නේය.

කෙසේ වුවද එන්නත් මාත්‍රා දෙකම ලබාගත්තද සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත්වලින් මුළුමනින් ම බැහැර වී නිදහසේ හැසිරීමට ඉඩක් නොලැබෙන බව අප පැහැදිලිව වටහාගත යුතුය. එන්නත් මාත්‍රා දෙකම ලබාගැනීම යනු සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත්වලින් සම්පූර්ණයෙන් ම බැහැර වීමට ලැබෙන අවසර පත්‍රයක් නොවන බව අප වටහාගත යුතුය. එන්නත් මාත්‍රා දෙකම ලබාගත් උදවියට ද වෛරසය ආසාදනය වීම් ලෝකයේ බොහෝ රටවලින් වාර්තා වන අතර, මෑතකදී බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමති ලෙස පත්වූ සාජිඩ් ඩාවිඩ් මහතාට ද කොරෝනා ආසාදනය වීම ඊට කදිම උÞහරණයක් වන්නේය. තමන් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් බැවින් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ සුළු වශයෙන් බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමතිවරයා පවසන්නේය.

මෙවන් පසුබිමක් තුළ මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය වේගයෙන් සිදුවුවද වසංගතය රට පුරා පැතිර යාමේ තර්ජනය තවමත් එලෙසම පවතින බව අප වටහාගත යුතුය. විශේෂයෙන් වේගයෙන් පැතිරෙන භයානක ඩෙල්ටා වෛරස ප්‍රභේදය ආසාදිතවූවන් 38 දෙනෙකු මේ වන විටත් මෙරටින් හමුවී තිබෙන අත‍ෙ එය ලංකාවේ ද ප්‍රධානතම වෛරස ප්‍රභේදය බවට පත්වීමේ තර්ජනයක් ඇත්තේය. ඉදිරි කාලයේද ඩෙල්ටා ප්‍රභේදය ලංකාව තුළ බහුලව පැතිර යාමේ අවÞනමක් තිබෙන බවත් ලෝකයේ බොහෝ රටවල ප්‍රමුඛතම වෛරස ප්‍රභේදය බවට ඩෙල්ටා පත්ව ඇති පසුබිමක එයින් මෙරටට බලපෑමක් නැතැයි විශ්වාස කළ නොහැකි බවත් ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අවධාරණය කරන්නේය.

කොවිඩ්-19 වෛරසය 2019 නොවැම්බර් මාසයේදී චීනයේ වූහාන් නගරයෙන් මතුවූ Þ සිට මේ දක්වා වූ මාස විස්සක පමණ කාලය තුළ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා වෛරස ප්‍රභේද හයක් හඳුනාගෙන ඇත්තේය. ඒවා මේ වන විට ග්‍රීක හෝඩියේ මුල් අකුරු වන ඇල්ෆා බීටා ගැමා ඩෙල්ටා ලැම්ඩා එප්සයිලන් යන නම්වලින් හැඳින්වෙන්නේය. මුල් වරට එංගලන්තයෙන් හමු වූ වෛරස ප්‍රභේදය ඇල්ෆා ලෙස ද දකුණු අප්‍රිකාවෙන් මතු වූ වෛරස ප්‍රභේදය බීටා නමින් ද පළමු වරට බ්‍රසීලයේ දක්නට ලැබුණු ප්‍රභේදය ගැමා නමින් ද හඳුන්වනු ලබන්නේය. දකුණු ඇමෙරිකාවේ පේරු රාජ්‍යයෙන් හමු වූ ලැම්ඩා ප්‍රභේදය සහ ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති අලූත්ම එප්සයිලන් ප්‍රභේදය ගැන තවම වැඩි විස්තර ලැබී නැත්තේය. පසුගිය ජූලි 1 වැනිÞ වන විට ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය රටවල් 104කින් වාර්තා වී තිබුණු අතර යටකී පරිදි ලෝකයේ බොහෝ රටවල ප්‍රමුඛතම වෛරස ප්‍රභේදය බවට ඩෙල්ටා පත්ව ඇත්තේය. එන්නත්කරණය මගින් වසංගතය පාලනය කිරීමේ සාර්ථකත්වයක් පෙන්වූ රටවල පවා ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිරෙමින් තිබෙන්නේය.

එංගලන්ත ඇල්ෆා වෛරස ප්‍රභේදය හා සසඳන විට ඩෙල්ටා පැතිරීමේ වේගය සියයට 60 කින් පමණ වැඩි යැයි මුලදී වාර්තා වූවද ඇමෙරිකාවේ වොෂින්ටන් සරසවියේ නවතම පර්යේෂණයකට අනුව, සෙසු වෛරස ප්‍රභේදයන්ට වඩා සියයට 225ක වේගයෙන් ඩෙල්ටා පැතිරෙන බව අනාවරණය වී ඇත්තේය. ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතවූවන්ගේ රෝග ලක්ෂණ වැඩි බවත් ඒ නිසා ම රෝහල්ගතවීමේ සම්භාවිතාවය ද වැඩි බවත් මේ වන විට තහවුරු වී ඇත්තේය. ජූලි දෙවෙනි සතිය තුළ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සියයට 70කින් ඉහළ ගිය අතර රෝහල්ගත කෙරුණු ආසාදිතයන්ගේ ගණන සියයට 36කින් වැඩි වී ඇත්තේය. මේ අතර ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතවූවන් ඉක්මනින් දුර්වල වන බව ද සනාථ වී ඇතත් මරණ අනුපාතය වැඩි බවක් තවම තහවුරු වී නැත්තේය.

කිසිදු රටක් තවම අනතුරෙන් නිදහස් වී නැහැ. ඩෙල්ටා ප්‍රභේදය ඉතාම භයානකයි. තවදුරටත් එහි වෙනස්කම් සිදුවෙමින් අලූත් විකෘතීන් බිහිවෙමින් තිබෙනවා. ඒ නිසා නිරතුරුව ඒ ගැන විමසිල්ලෙන් සිටිය යුතුයි. මහජන සෞඛ්‍ය පිළිවෙත්වල ද අවශ්‍ය වෙනස්කම් සිදුකළ යුතුයි.˜ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී තේද්‍රෝස් ගෙබ්‍රියේසස් මහතා අවධාරණය කරන්නේය.

එන්නත් මාත්‍රා දෙකම ලබාගත්තද සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත්වලින් කිසිසේත් ම බැහැර නොවිය යුතු බව මේ අනුව පැහැදිලි වන්නේය. එන්නත්කරණය වේගවත් කිරීම කඩිනමින් ආසාදිතයන් හඳුනා ගැනීම වෛරසයේ ව්‍යාප්තිය ගැන දැඩි අවධානයෙන් පසුවීම අවැසි පරිදි සංචරණ සීමා පැනවීම වැනි කටයුතු රජයේ පාර්ශ්වයෙන් සිදුවිය යුතු අතර නිසි පරිදි මුඛ ආවරණ පැළඳීම පුද්ගල දුරස්ථභාවය රැකගැනීම නිතර දෑත් සේදීම සෙනඟ ගැවසෙන ස්ථාන මඟහැරීම ගෘහස්ත ස්ථානවලට හොඳින් වාත්‍රාශ්‍රය ලැබෙන්නට සැලැස්වීම වැනි කටයුතු ජනතාවගේ පැත්තෙන් සිදුවිය යුතුය. අපේ යුතුකම අප ඉටු නොකළහොත් භයානක ඩෙල්ටා රැල්ලකින් බැට කන්නට සිදුවන්නේ අපටමය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *