එන්නත්කරණයට සල්ලි තියෙනවා – දිලුම්

ජනතාවට සයනයිඩ් එන්නත් කරන්නට ත්‍රස්තවාදීන්ට උදව් කළ අය අද අවශ්‍යය නම්  කොවිඩ් එන්නත් මිලට ගැනීම සඳහා මුදල් ඒකාරාශි කරදිය හැකි බවට වහසි බස් දොඩන බවත් එවැනි අය එකතු කරන මුදල් වලින් ජනතාවට කොවිඩ් එන්නත් ලබාදීමට තරම් ආණ්ඩුවට අහේනියක්  නොමැති බවත් ප්‍රවාහන නියාමන, දුම්රිය මැදිරි හා ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

මේ මොහොතේ විපක්ෂය කළ යුත්තේ ආණ්ඩුවට මුදල් එකතුකර දීම නොව කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස රජය ගෙනයන වැඩපිළිවෙළ අවුල් නොකර ඊට සහය දීම බවද ඒ මහතා කීය.

මහනුවර මහයියාව ප්‍රදේශයේ එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණය කිරීමට අද (04) පැමිණි අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

තම රටවලට එන්නත් ලබා ගැනීමට ලෝකයේ සෑම රටක්ම ලොකු පොරයක් නිරතව සිටින බවත් මේ නිසා ඇතිව තිබෙන අධික ඉල්ලුම හමුවේ අවශ්‍යය සැපයුම ලබාදීමේ හැකියාවක් එන්නත් නිෂ්පාදන සමාගම් වලට නොහැකි වී තිබෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

ආණ්ඩුවට මුදල් පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා නම් පෞද්ගලික අංශයට එන්නත් ආනයනය කිරීමේ අවස්ථාව ලබාදී ඒ ඔස්සේ හැකියාව ඇති අයට මුදල් දී එන්නත් විද ගැනීමට පසුබිම සකස්කරන බවත් මේ මොහොතේ එවැන්නක් කිරීමේ අවශ්‍යතාවක් නැත්තේ ආණ්ඩුවට එන්නත් ගෙන්වා ගැනීමට අවශ්‍යය මුදල් තිබෙන නිසා බවත් කී ඒ මහතා අද පෞද්ගලික අංශයට හෝ එන්නත් මිලට ගැනීමේ හැකියාවක් නොමැති බවද අවධාරණය කළේය.

මේවන විට ලෝකයේ රටවල තමන්ගේ රටවල් වලට අවශ්‍යය එන්නත් ලබා ගනිමින් සිටින්නේ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා මගින් බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.