එක පෙළට හරි අතට
දිවයින පුරා ඇඳිරි නීතිය ලිහිල් කළ ප්‍රදේශවල සුරා සැල්, ඇඳිරි නීති විරහිත කාලයට සමගාමීව විවෘත කිරීමට අවසර ලබාදෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. එය නීතිවිරෝධි මත්පැන්වලින් ජනයා මුදාගැනීමේ පියවරක් ලෙසද ඇතමුන් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වා තිබුණි. කෙසේවුවද මෙලෙස සුරාසැල් විවෘත කිරීමත් සමග ජනයා ඒවා වෙත ඇදී එන ආකාරය දැකගන්නට ලැබුණි. එහෙත් දිවයිනේ සියලු සුරාසැල් අබියස පාහේ සමාජ දුරස්ථකරණය ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගෙන තිබීම විශේෂත්වයක් විය. එසේම මත්පැන් පානයට ඉඩ ලබාදෙන අවන්හල් පිළිබඳ අප කළ විමසීමට අනුව දැනගන්නට ලැබුණේ ඒවායේ අසුන් පැනවීමද නියමිත ඉඩ පරතරය අනුව සිදුකර ඇති බවයි. මහනුවර නගරයේ ඇතැම් අවන්හල් මත්පැන් සොයා පැමිණෙන පාරිභෝගිකයන්ට පස්වරු 1 වනතෙක් පමණක් විවෘත කර තිබුණි.
මත්පැන් හල් හා අවන්හල්වල තත්ත්වය මෙය වුවද අද දිනයේ පුවාහන සේවා ක්‍රියාත්මක වූයේ රූපවාහිනී නාලිකාවල පෙන්වූ අන්දමට පටහැණිවය.
පුවතේ ඡායාරූපය කුලියාපිටිය ප්‍රදේශයේ මත්පැන්හලකිනි