එකම රෝගියා සම්බන්ධයෙන් රෝහල් දෙකක වෙනස් වැඩ

පසුගිය අප්‍රේල් 16 දින කොස්ගම සාලාව රෝහලේ සිට අවිස්සාවේල්ල මූලික රෝහලට රැගෙන ආ රෝගියෙකු කොවිඩ්- 19 #Covid-19 ආසාදිතයෙකු බවට සැක කර අංගොඩ උණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර යවන ලදී. පසුව උණ රෝහලේදී රෝගීයාට සිදුකරන ලද පලමු PCR පරීක්ෂණයේදී ඔහු ආසාදිතයෙකු බවට තහවුරු නොවූ නමුත් දෙවන PCR පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයෙකු බව පෙන්වා දෙන ලදී. කෙසේ වූවද ඉන් පසු එම රෝගියාට සිදුකල PCR පරීක්ෂණවලින් ඔහු ආසාදිත බව තහවුරු නොවීය. ඒ අනුව ඔහු කොවිඩ්- 19 #Covid-19 ආසාදිත නොවන්නෙකු බව තහවුරු කර ඔහුව යුද හමුදා රෝහලට මාරු කර යවන ලදී.
අනතුරුව රෝගියාට නිරාවරනය වීම නිසා නිරෝදායනයට ලක් කර සිටි අවිස්සාවේල්ල මූලික රෝහලේ හෙදි නිලධාරිනිය නැවත සේවයට කැඳවන ලද නමුත්, සාලාව රෝහලේ හෙදි නිලධාරිනියත්, සෞඛ්‍ය කාර්ය සහායකයින් හා ප‍්‍රදේශවාසීන් 29 දෙනෙකුත් මේවනවිටත් නිරෝදායනයට ලක් කරමින් ඇත.
එකම රෝගියා සම්බන්ධයෙන් රෝහල් දෙකක කාර්යයන් මෙසේ වෙනස් ස්වරූපයක් ගන්නේ මන්දැයි තමන් බලධාරින්ගෙන් විමසන බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.