ඌව සරසවි පාඨමාලාවලට අයදුම්පත් භාරගැනීම කල් යයි.

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපාධි පාඨමාලා හතරකට අදාලව පැවැත්වෙන අභියෝගතා පරීක්ෂණ සඳහා අයදුම්පත් බාර ගැනීම කල් දැමීමට සිදුවන බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර පවසයි. එම පරීක්ෂණ සඳහා වෙනත් දිනයක් තවම නියම කර නැත. සරසවි පරිපාලනාධිකාරිය පියවර ගෙන තිබුණේ 2019 වසරේ උසස් පෙළ ප්‍රතිඵල වලට අනුව මෙම උපාධිපාඨමාලා හතර සඳහා නවක සිසුන් බදවා ගැනීමේ අභියෝගතා පරීක්ෂණයට අදාල අයදුම්පත් මැයි 04 වැනිදාට පෙර භාර ගැනීමටයි.
එහෙත්, කොවිඩ් 19 වසංගත තත්වය නිසා උද්ගතව ඇති තත්ත්වය සැළකිල්ලට ගනිමින් අයදුම්පත් බාර ගැනිමේ දිනය නැවත කල්දැමීමට තීරණය කළ බව උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර පෙන්වා දෙයි. කෙසේවෙතත්, අයදුම්පත් භාර ගැනිමේ දිනය නව පාසල් වාරය ආරම්භ වීමෙන් පසු තීරණය කරන බවද හෙතෙම පවසයි.