ඌව මධ්‍යම මං තීරු දෙකක නව පාරක්

බතලයාය හෙබරව විල්ගමුව ප්‍රධාන මාර්ගය, මධ්‍යම හා ඌව පළාත්   එකිනෙක යා කෙරෙන මංතීරු දෙකක මාර්ගයක් ලෙස පුළුල් කොට නවීකරණය  කිරීමට මාර්ග   සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ. කොරෝනා අවදානම හේතුවෙන් නිරෝධායන නීති ක්‍රියාත්මකව පැවති සමයේ දී මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ මහියංගන ප්‍රාදේශීය විධායක ඉංජිනේරු ඒ. ලිංගේෂ්වරන්  මහතා පැවසීය.

මෙම මාර්ගය බතලයාය හෙබරව හරහා විල්ගමු දක්වා මංතීරු දෙකක් සහිතව නවීකරණය කිරීම සඳහා මහියංගන ප්‍රාදේශීය  විධායක  ඉංජිනේරු කාර්යාලය හරහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 40 (හතළිහකට) ආසන්න වන අතර මාර්ගයේ මුලු දුර කිලෝමීටර් 6.4 කි.

මාර්ගය නවීකරණය කිරීමත් සමගම  මාර්ගය දෙපස පිහිටි   ඌව හා මධ්‍යම   පළාත්වලට අයත් ග්‍රාම සේවා වසම් රැසක ගම්මාන සිය ගණනක ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා වඩාත් කාර්යක්ෂම වනු ඇතැයිද  ඉංජිනේරු ඒ. ලිංගේෂ්වරන්  මහතා වැඩිදුරටත් පැවසීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *