ඌව ප්‍රජා ගුවන්විදුලිය, හරිත සත්කාර සමග පාසල්වලට

 ඌව    ප්‍රජා     ගුවන්විදුලිය,  හරිත සත්කාර සමග පාසල්වලට

ඌව ප්‍රජා ගුවන්විදුලිය ආරම්භ වී  දාහත් වර්ෂ පූර්ණයට සමගාමීව ඌව පළාතේ තෝරාගත් පාසැල්වල පළතුරු පැළ සිටුවීමේ වැඩසටහනක් එහි කාර්ය මණ්ඩලය ආරම්භ කොට ඇත. ඒ අනුව වැලිමඩ ගුරුතලාව මුස්ලිම් විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහතික කළ පළතුරු පැළ සිටුවීමේ සහ බෙදා දීමේ වැඩසටහන අද පැවැත්විණ.
ඌව ප්‍රජා ගුවන්විදුලියේ දෙමළ සේවයේ සන්නිවේදක දේවරුක්ෂාන් සංවිධානය කළ වැඩසටහනේදී පාසැල් දරුවන් ප්‍රිය කරන පළතුරු පැළ විද්‍යාලය වෙත ලබා දීමට පියවර ගෙන තිබුණි. එහිදී අදහස් දැක්වූ විද්‍යාලයේ විදුහල්පති ඒ. ඒ. සම්මුන් පැවසුවේ ඌව ගුවන්විදුලිය දරුවන් වෙනුවෙන් ලබා දී ඇත්තේ අනාගතයට වටින ආයෝජනයක් බැවින් එය රැක ගැනීම සමස්ත පාසලේම වගකීමක් බවයි.

ඉතාම රමණීය හා සිහිල් සුවදායක දේශගුණයකින් හෙබි මෙම පාසල් බිම දරුවන්ට සම්පතක් බව මෙහිදී අදහස් දැක්වූ ඌව ප්‍රජා ගුවන්විදුලියේ වැඩසටහන් නිෂ්පාදක අජිත් වසන්ත පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ මෙවැනි ක්‍රියාකාරකම් ප්‍රජා ගුවන්විදුලි සංකල්පය පෝෂණය කරන අතර ගුරුතලාව මුස්ලිම් ජාතික පාසල තෝරා ගැනීමෙන් බෙදා වෙන්කිරීම වෙනුවට ලං කර ගැනීම අර්ථවත් වන බවයි.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *