ඌව පළාතේ නව තනතුරු, දෙනිපිටියට සහ කුමාරසිරීට

 ඌව පළාතේ නව තනතුරු, දෙනිපිටියට සහ කුමාරසිරීට

ඌව පළාත් සභාව යටතේ ක්‍රියාත්මක ආයතන ද්විත්වයක් සඳහා නව පත්කිරීම් සිදු කර තිබෙනවා. ඒ ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලය සහ ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය යන ආයතන සඳහායි. ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ධූරයට පත් කරනු ලැබූ හිටපු පළාත් සභා මන්ත්‍රී සහ සභානායක මේජර් සුදර්ශන දෙනිපිටිය ඊයේ (3) දින ඌව පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ ඉදිරියේ දිවුරුම් දුන්නා.

මේජර් සුදර්ශන දෙනිපිටිය ආණ්ඩුකාරවර රාජා කොල්ලුරේගෙන් පත්වීමි ලිපිය ලබන අන්දම

ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති ධූරය සඳහා පත් කරනු ලැබූ කුමාරසිරි රත්නායක හෙට (5) දින ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි. මොනරාගල දිස්ත්‍රික්කයෙන් ඌව පළාත් සභාව නියෝජනය කළ ඔහු දේශපාලනයට පිවිසීමට පෙර උපාධිධාරී පාසල් ගුරුවරයෙක්.

හිටපු අමාත්‍ය කුමාරසිරී රත්නායක

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *