ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ගෙවතු වගාවට අතහිත.

 ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ගෙවතු වගාවට අතහිත.

පවතින ව්‍යසනකාරී තත්ත්වය සැළකිල්ලට ගනිමින් ආහාර නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ගෙවතු වගා එළවලු පැළ කට්ටල ජනතාව අතර බෙදාදීමට ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අද (16) බදුල්ලේ රජයේ සේවකයින් හා ගොවීන් දෙදහසක් වෙනුවෙන් එළවලු පැළ අඩංගු බදුන් බෙදා දෙනු ලැබුවා. හෙට (17) බණ්ඩාරවෙල සහ කැප්පෙටිපොල ගොවිජන සේවා මධ්‍යස්ථානවලදීත් පැළ කට්ටල දහස බැගින් බෙදා දීමට නියමිතයි. 
මහියංගනය අලුත්තරම රජයේ බීජ ගොවිපළෙහි නිෂ්පාදනය කරන ලද ⁣මෙම එළවලු පැළ බදුනක විවිධ වර්ගවලට අයත් නීරෝගී පැළ විස්සක් පමණ අඩංගු වෙනවා. කෘෂිකර්ම නිලධාරීන් පවසන්නේ එම පැළ ප්‍රමාණය සාමාන්‍ය ගෙවත්තකට සෑහෙන බවයි. එවැනි ප්‍රමාණයක් වවා නිසිලෙස නඩත්තු කිරීමෙන් නිවසක දෛනික එළවලු අවශ්‍යතාවය සපුරා ගැනීමට යම් පිටුබලයක් ලැබෙනු ඇතැයිද ඔවුන් පවසනවා.
ඉතාමත් ඉක්මනින් මෙම පැළ කට්ටල මොනරාගල දිස්ත්‍රික්කයටද ලබා දෙන බව වාර්තා වෙනවා. ඒ සඳහා අවශ්‍ය පැළ නිපදවීමට අලුත්තරම බීජ ගොවිපළට උපදෙස් ලැබී තිබෙනවා.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *