උසස් පෙළ ප්‍රායෝගික පරීක්‍ෂණ 27 වැනිදා නියම වෙයි.

 උසස් පෙළ ප්‍රායෝගික පරීක්‍ෂණ 27 වැනිදා නියම වෙයි.

අපොස උසස් පෙළ විභාගයේ (2023) සෞන්දර්ය සහ තාක්‍ෂණවේදය විෂයන්වලට අදාල ප්‍රායෝගික පරීක්‍ෂණ මේ මස 27 වැනිදා සිට ජූලි මස 31 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ඒ අනුව දේශීය නැටුම්, භරත නැටුම් සහ පෙරදිග සංගීතය ප්‍රායෝගික පරීක්‍ෂණ මේ මස 27 වැනිදා සිට ජූලි මස 6 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

ඉංජිනේරු තාක්‍ෂණවේදය ප්‍රායෝගික පරීක්‍ෂණ ජූලි මස 12 වැනිදා සිට ජූලි මස 21 වැනිදා දක්වා පැවැත්වෙන බව ද එහි දක්වා තිබේ.

ජෛව පද්ධති තාක්‍ෂණවේදය ප්‍රායෝගික පරීක්‍ෂණ ජූලි මස 29 වැනිදා සිට ජූලි මස 31 වැනිදා දක්වා ද පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කර ඇත.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *