“උතුර මර්දනයේදී නිහඬව සිටි දකුණේ සමාජය ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව නැගිටීම සාධනීයයි” :මහාචාර්ය අර්ජුන පරාක්‍රම

 “උතුර මර්දනයේදී නිහඬව සිටි දකුණේ සමාජය ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව නැගිටීම සාධනීයයි” :මහාචාර්ය අර්ජුන පරාක්‍රම
දේශපාලන, ආර්ථික, සමාජීය හා මතවාදී වශයෙන් ලංකාවේ මේ වනවිට අර්බුද හතරක් ඇති නමුත් මහා සමාජය තවම කතාකරන්නේ ආර්ථික හා දේශපාලන අර්බුදය පිළිබඳව පමණක් යැයි ද සමාජීය හා මතවාදී අර්බුදයේදී අප සිටගෙන සිටින්නේ හතුරාගේ පැත්තේ යැයි ද මහාචාර්ය අර්ජුන පරාක්‍රම කොළඹදී පසුගිය 3 වැනිදා පැවැසීය.
යෝජිත ත්‍රස්තවිරෝධී පනතෙන් ආරක්ෂක හමුදා, පොලිසිය හා නීතිපති දෙපාර්තමේන්තුව යන රාජ්‍ය සංස්ථා පොදු සමාජයේ සතුරන් බවට රූපාන්තරණය කර ඇතැයි චෝදනා කළ හෙතෙම එම පනත සම්මත වුවහොත් එම ආයතන ආණ්ඩුවේ ප්‍රතිප්‍රජාතන්ත්‍රවාදී අවශ්‍යතා වෙනුවෙන් සේවය කරනු ඇතැයි අවධාරණය කළේය.  
 
ත්‍රස්තවිරෝධී පනතට එරෙහි සටනේදී මැද පංතික ජනයා ගැන තමාට විශ්වාසයක් නැති නමුත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතෙන් එදා උතුරු නැගෙනහිර ජනයා පීඩාවට පත්වෙද්දී නිහඬව සිටි දකුණේ සිංහල සමාජය වත්මන් මර්දනයට එරෙහිව හඬ අවදිකිරීම සාධනීය යැයි ද මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා කීය.
මහාචාර්ය අර්ජුන පරාක්‍රම මෙම අදහස් පළ කළේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය මැයි 3 වැනිදාට යෙදී ඇති ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය වෙනුවෙන් සංවිධානය කළ සම්මන්ත්‍රණයක් එදින පස්වරු 3.00 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත් වූ අවස්ථාවේය.
 
‘ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සහ යෝජිත ප්‍රති ත්‍රස්ත පනත (ATA) භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට ඇති කරන බලපෑම‘ මැයෙන් මහාචාර්ය අර්ජුන පරාක්‍රම ආරාධිත දේශනය පැවැත්විය.
ආරාධිත දෙසුමෙන් පසුව ‘යෝජිත ප්‍රතිත්‍රස්ත පනත භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට බලපාන්නේ කෙසේද?‘ මාතෘකාව යටතේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා විසින් මෙහෙයවනු ලැබූ විද්වත් කතිකාව සඳහා මාධ්‍යවේදී සරෝජ් පතිරණ, නීතිඥ නුවන් බෝපගේ සහභාගී වූහ.
 
ත්‍රස්තවාදය යන වචනය ඉතිහාසය පුරාම භාවිත කර තිබෙන්නේ සාපේක්ෂව පාලක කණ්ඩායම් විසින් සිය විරුද්ධවාදියා හැඳින්වීමට යැයි ද ප්‍රංශ විප්ලවයේදී වැඩවසම් දෘෂ්ටියෙන් ප්‍රංශ කැරැලිකරුවන් ත්‍රස්තවාදීන් කළ තැන් සිට ලංකාවේ ජාතික ගැටලුව දක්වා එම තත්ත්වය පොදු යැයි මෙහිදී අදහස් දැක් වූ නීතිඥ නුවන් බෝපගේ පැවැසීය.
එල්.ටී.ටී.ඊ සංවිධානයේ ඇතැම් ක්‍රියා කිසිවෙකු අනුමත නොකළද දෙමළ අයිතිවාසිකම් උල්ලංඝනය, වඩුක්කොඩෙයි ගිවිසුම, සංවර්ධන සභා ඡන්ද කොල්ලය ආදී ඓතිහාසික සංධිස්ථානවලින් වියුක්තව ලංකාවේ පැවැති දෙමළ ජන නැගිටීමට නිර්චනයක් දිය නොහැකි යැයි බෝපගේ මහතා කීය.
යෝජිත ත්‍රස්තවිරෝධී පනතින් ද ත්‍රස්තවාදය නිර්වචනය කර නැතැයි කී හෙතෙම එහි වගකීම මු`ඵමනින්ම විධායකයට පවරා ඇතැයි චෝදනා කළේය.
ශ්‍රී ලංකාව යනු නිදහස ලැබූ දා සිට මේ දක්වා තමන්ගේම දරුවන් ලක්ෂ තුනක් මරා දැමූ රටක් යැයි ද එයින් බහුතර මරණවලට වගකිවයුත්තේ රාජ්‍ය ත්‍රස්තවාදය යැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සරෝජ් පතිරණ පැවැසීය.
අවසන් යුද සමයේදී හමුදා බලඇණි පෙරටුව යුද පෙරමුණට ගිය සහෝදර ජනමාධ්‍යවේදීන් ජයග්‍රාහී ලෙස මළ සිරුරු පෙන්වමින් කළ වාර්තාකරණය කෙතරම් අමානුෂිකදැයි ප්‍රශ්න කළ හෙතෙම වාර්තාකරණයේදී මාධ්‍යවේදියා පෙරහරේ ගමන් නොකිරීමට පරෙස්සම් විය යුතු යැයි අවධාරණය කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධූරප්‍රාප්තිය ප්‍රශ්න කළ නොහැකි නමුත් ජනමාධ්‍යවේදීන්ට ද ප්‍රහාරයක් එල්ල කරමින් බලයට පැමිණි ගමන හා වත්මන් පාලන ස්වභාවය කිසි ලෙසකින් අනුමත කළ නොහැකි යැයි වැඩිදුරටත් සඳහන් කළේය.
 
මියන්මාර් මානව හිමිකම් ක්‍රියාකාරිනී සූ මොන්ග් අන්ග් මහත්මිය ‘ශ්‍රී ලංකාවේ සහ මියන්මාරයේ මාධ්‍ය නිදහස පිළිබඳ තත්ත්වය ගැන සංසන්දනාත්මක විග්‍රහයක්’ ද මෙහිදී සිදුකළාය.
 
මෙම අවස්ථාවට මාධ්‍යවේදීන්, මානව හිමිකම් ක්‍රියාකාරීන්, විශ්ව විද්‍යාල සිසුන් ඇතු`ඵ විශාල පිරිසක් සහභාගී වූහ.

‘ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සහ යෝජිත ප්‍රතිත්‍රස්ත පනත (ATA) භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට ඇති කරන බලපෑම‘ මැයෙන් මහාචාර්ය අර්ජුන පරාක්‍රම කළ දෙසුම මෙසේය.

 
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හා කොළඹ ප්‍රකාශනයේ ආරම්භක සාමාජිකයකු හැටියට මේ අවස්ථාවට සහභාගී වීම සතුටක්. මගේ දේශනය ටිකක් වෙනස් විදියට කරන්න හිතුවා. අපි ආත්මවිග්‍රහයකට යා යුතුයි. මාධ්‍ය ආයතන වෙළෙඳ ආයතන හැටියට වැඩ කරනවා. එවැනි වෙළෙඳ ආයතන හා රජය කියන වෙළෙඳ ආයතනය අතර පැහැදිලි සම්බන්ධයක් තිබෙනවා. නව ලිබරල් වෙළෙඳපළ තුළ මාධ්‍යවේදීන්ට තර්ජන එල්ල නොවන අතරේ ශිෂ්‍යයින්ට සමාජ ක්‍රියාකාරින්ට තර්ජන එල්ල වෙනවා. මේ සමග කරුණු හතරක් ඔස්සේ කතා කරන්න මා කැමැතියි.
අද වනවිට හමුදා සොල්දාදුවකුගේ වැටුප උපාධිධාරී ගුරවරයකුගේ වැටුපට වඩා වැඩියි. රුපියල් බිලියන 538කට වැඩි ප්‍රමාණයක් ආරක්ෂක අමාත්‍යාංශයට වෙන්කෙරුණා. මෙහි ව්‍යාපෘති හා මූලස්ථාන සඳහා වැය වන මුදෙලන් අපට පොඩි ඡන්ද තුනක් තියන්න පු`ඵවන්. අද වනවිට පොලිසිය හතුරෙක් වෙලා. ඇයි? ආණ්ඩුව ආරක්ෂා කරන්න කැපවෙලා නිසා. ඔවුන්ගේ මානව හිමිකම් ක්‍රියාකාරිත්වය අතිශ්‍ය ප්‍රශ්නසහගතයි. දැන් නඩුවක් යනවා. මේ නඩුව ඉල්ලා අස්කරගන්නැයි පොලිසිය පැත්තෙන් අපට බල කරනවා. පොලිසියට රරෙහිව නඩු 1511ක් තියෙනවලු.  
තුන් වැනි කරුණ ලංකා ඉතිහාසයේ අතීතයේ හා අනාගතයේත් ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තිබිලා නෑ. ආණ්ඩුව මේක හදන්නේ සිය ප්‍රතිප්‍රජාතන්ත්‍රීය අවශ්‍යතා ඉටුකරගන්නයි. සිව් වැනි කරුණ වන්නේ නීතිපති දෙපාර්තමේන්තුව. අද නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියා කරන්නේ මහජනතාව වෙනුවට දූෂිත පොලිසියේ හා ආණ්ඩුවේ හෙරණෑවක් විදියටයි.
 
හැබැයි ත්‍රස්තවිරෝධී පනත යටතේ මේ හතර දෙනාගෙන් ඕනෑ කෙනෙකුට මාව අත්අඩංගුවට ගන්න පු`ඵවන්. ජාතින් අතර අසමගිය ඇතිකිරීම හෝ ස්වෛරීභාවය යන කාරණා මත මාව අත්අඩංගුවට ගන්න පු`ඵවන්. රැඳවුම් නියෝගයක් ගන්න පු`ඵවන්. නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් හරහා ඒක කළොත් මහේස්ත්‍රාත්වරයාටවත් ප්‍රශ්න කරන්න බෑ. මේ යටතේ ජනපතිගේ පොලිසියේ බලතල අසීමිතයි. පාරේ යද්දි අත්අඩංගුවට ගන්න පු`ඵවන්. ඔවුන්ට කීමට අවශ්‍ය වන්නේ මොහු සැකකිරීමට අපට සාධාරණ සැක තිබෙනවා යන්න පමණයි. මාව අත්අඩංගුවට අරන් ඊටපස්සේ නඩු නෑ කියලා මාව පුනරුත්ථාපනයට යවන්නත් පු`ඵවන්. මම වැඩ කරන ආයතනය තහනම් කරන්නත් පු`ඵවන්. මගේ ආයතනයේ රැස්වීම් තහනම් කරන්නත් පු`ඵවන්. ඒ තරම් භයානක පනතක්.
 
හැබැයි අපට ප්‍රශ්නයක් නෑනේ කියලා කෙනෙක් හිතන්නත් පු`ඵවන්. ඒත් යථාර්ථයේදී අනෙක් අය බයවෙන්න එක තැනකට ගැහුවා නම් ඇති. මර්දනය කියන්නේ එහෙමයි. අපි අහන්න ඕනෑ ප්‍රශ්නය ඇයි මෙහෙම වෙන්නේ? මේ රටේ ඇත්තටම ත්‍රස්තවාදයක් හෝ ජාතික ආරක්ෂාව පිළිබඳ අවදානමක් නෑ. ඉදිරි අවුරුදු කීපය තුළ පීඩිත කොටස්වල ආර්ථික දේශපාලන අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ඔවුන් දන්නවා. එනිසා මෙවැනි නීතිරීති හරහා පාලනය තිරසර කරගත හැකි බව ඔවුන් දන්නවා. මෙතැනදි මැද පංතිය ගැන මට විශ්වාසයක් නැති බවත් කියන්න ඕනෑ. එයාලා ක්ෂණිකව හවුල් වෙනවා. අයින්වෙනවා.
 
මම යම් න්‍යායික කාරණයක් මෙහිදී කියන්නම්. ඒ කම්පන න්‍යාය ගැන. ප්‍රතිගාමී ආණ්ඩු ප්‍රජාවට අහිතකර නීතිරීති ගෙනාවේ රටක ඉතාම බරපතල ප්‍රශ්න තිබෙන අවස්ථාවේයි. උදාහරණයකට සුනාමි අවස්ථාව දැක්විය හැකියි. වෙරළ ඉඩම් හෝටල්වලට විකුණන්න අවශ්‍ය වුණාම සුනාමියට මුවා වෙලා ධීවර ප්‍රජාව මුහුදු වෙරළේ මීටර් සීයක සීමාවෙන් ඉවත් කළා. දැන් දේශපාලන ආර්ථික අර්බුදයට මුවා වෙලා දැඩි ලිබරල්වාදී පියවරවලට අවතීර්ණ වෙනවා. ඇත්තටම මේ අවස්ථාවේ අපි මීට වඩා නැගිටිය යුතුයි. නැගිටින්නේ නැත්තේ මේ පශ්චාත් කම්පන න්‍යායට අදාළ තත්ත්වය නිසයි. මැද පංතිය මොනවා හරි කරගන්නවා. මීට වසර විස්සකට කලින් යුද්ධ කාලේවත් රජයට මෙවැනි දේ කරන්න බෑ. එනිසා මේ ප්‍රශ්නයට මුහුණදෙන්න අපට අලුත් ක්‍රමයක් අවශ්‍යයි.ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ සඳහන් නොකළ ඒවා මේ පනත යටතේ ගේන්න හදනවා. දේශපාලනයට යට වූ අපේ මාධ්‍ය ආයතනවලින් මේක කරන්න බෑ. මේ පනත හැමෝටම විරුද්ධව ක්‍රියාත්මක කරන්නේ නෑ. පනතේ ඉලක්කය ජනමාධ්‍යවේදීන් නොවී ශිෂ්‍යයන් වෙනවා නම් ඔවුන්ගේ ලොකුම හතුරෝ ශිෂ්‍යයෝ. ඉතින් මේ තත්ත්වයට අප විසින්ම හීලෑ වෙනවද? එතැනදි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විශිෂ්ට මැදිහත්වීමක් කරනවා. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසයත් වර්තමානයත් එහෙමයි.
සමහරුන්ගේ තර්කයක් මැහුම් 15ක් ගහනවට වඩා 10ක් ගහන එක හොඳයි. හැබැයි තිබුණට වඩා හොඳ මේ කතාව පිළිගන්න පු`ඵවන් එකක් නෙවෙයි. ඒක ප්‍රතික්ෂේප කළ යුතුයි. සමහරු මේ ස්ථාවර බව වටින බවත් එය ආරක්ෂා කළහැක්කේ අසවලාට පමණක් බවත් හිතනවා. අපි අහන්න ඕනේ ස්ථාවරත්වය කාටද කියලයි. මේ ස්ථාවරභාවය කියන්නේ තමන්ගේ බලය තහවුරු කර අනෙක් මතය යටපත් කිරීමටයි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත දකුණේ සමාජය තේරුම්ගෙන තිබෙන්නෙත් දැනුයි. එදා මේ පනත් උතුරු නැගෙනහිර දෙමළ මුස්ලිම් ජනතාවට එරෙහිව පාවිච්චි කරද්දී මේ දකුණේ සමාජය කතා කළේ නෑ.
 
දේශපාලන, ආර්ථික, සමාජීය හා මතවාදී වශයෙන් ලංකාවේ මේ වනවිට අර්බුද හතරක් තිබෙනවා. අපි තවම කතාකරන්නේ ආර්ථික හා දේශපාලන අර්බුදය විතරයි. සමාජීය හා මතවාදී අර්බුදයේදී අපි ඉන්නේ හතුරාගේ පැත්තෙයි. මේ අර්බුද දෙක මගහැරියොත් අපට ආර්ථික දේශපාලන විසඳුම් ලැබෙන්නෙත් නෑ. පශ්චාත් කම්පන කතිකාව තුළ තවදුරටත් අපේ අනන්‍යතා සාධාරණයන් නැතිවෙනවා. ඒත් මෙහිදී අපට යම් සාධනීයභාවයක් තිබෙනවා. ඒ තමයි උතුරට ගෙනා පනත දකුණටත් ගෙනෙනවිට අපට එය දැනෙනවා.
මැයි දින රැලියකදී වතුකරය හා සු`ඵතර ජනයා ගැන කරන කතා දෙමළ භාෂාවට පරිවර්තනය කරන අවස්ථාවක් මම දුටුවා. ඒත් රට ගැන කියද්දී ඒක නෑ. මේ ක්‍රියාත්මක වෙන්නෙත් සිංහල බහුතරවාදයයි. මර්දනය එක් ජන කොටසකට එල්ලවෙද්දී අපට නැත්තේ ඇයි කියල අපි හිතන්න ඕනෑ. මේ පවතින්නේ නව ලිබරල්වාදී ප්‍රතිප්‍රජාතන්ත්‍රවාදී තුච්ඡ දූෂිත රජයක්. එනිසා මේ අභියෝගයට අපි බාරගන්න නම් න්‍යායපත්‍රය තීරණය කළයුත්තේ ඔවුන් නොව අප විසිනුයි.
 
මෙහිදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු විසින් නීතිඥ නුවන් බෝපගේ හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සරෝජ් පතිරණ සමග ඉන්පසුව සාකච්ඡා සභාව ආරම්භ කරනු ලැබීය.
ලසන්ත ද සිල්වා: භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් මූලිකවම නීතිය ඉදිරියේ සියල්ලන් සමානයි වැනි සංකල්ප ගැන අපි කතාකරනවා. ත්‍රස්තවාදියා නමින් කෙරෙන නව නිර්වචනවලදී මේ පදනම් බිඳවැටේදැයි ප්‍රශ්න කෙරෙමින් තිබෙනවා. මේ ගැන ඔබට ඇති තක්සේරුව මොන වගේද?
නීතිඥ නුවන් බෝපගේ: ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට එරෙහිව කතා කරන අය පවා මේ පනත හොඳ නෑ වෙන පනතක් ගේන්න ඕනෑ වැනි අදහස් පළ කරනවා. මේ පනතෙන් ත්‍රස්තවාදය නිර්වචනය කර නෑ. ත්‍රස්තවාදය කියන වචනය මුලින්ම භාවිත වුණේ ප්‍රංශ විප්ලවයේ සහෝදරත්වයට එරෙහිවයි. ඊටපස්සේ අපි ඇහුවේ පලස්තීනයේ කැරැලිකරුවන්ට එරෙහිව. ඉන්පසුව අයර්ලන්ත කැරැලිකරුවන්ට. ත්‍රස්තවාදය කියන වචනය හැමතිස්සෙම භාවිත කරල තිබෙන්නේ සාපේක්ෂව විරුද්ධවාදියා හඳුන්වන්නයි. ප්‍රංශ විප්ලවයේදී වුණේ වැඩවසම් දෘෂ්ටියෙන් ප්‍රංශ කැරැලිකරුවන් ත්‍රස්තවාදීන් කිරීමයි. එල්.ටී.ටී.ඊය කළ ඇතැම් ක්‍රියා කිසි කෙනෙක් අනුමත කරන්නේ නෑ. හැබැයි ඒ අතරේම දෙමළ අයිතිවාසිකම් උල්ලංඝනය, වඩුක්කොඩෙයි ගිවිසුම, සංවර්ධන සභා ඡන්ද කොල්ලය නැතිවත් ඔවුන් ගැන කතා කරන්න බෑ. එනිසා ත්‍රස්තවාදය ගැන නිර්චනයක් දෙන්න බෑ. මේ නිසා ත්‍රස්තවාදියා අර්ථකතනය කරන්න විධායකයට බලය දෙනවා.
 
යුක්තිය පුවත්පතේ නඩුව ගමු. යුක්තිය පුවත්පතේ පළ වූ ඇතැම් ලිපි රාජ්‍යවිරෝධී යැයි තීරණය කළේ නුවරඑළිය නගරාධිපති විසින්. නගරාධිපති කියන්නේ විධායකයේ පහළම තැනක්. ජෝෂප් පෙරේරා නඩුව පදනම් වුණේ අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහිව පැවැත් වූ සම්මන්ත්‍රණයක සංවිධායකයන් අත්අඩංගුවට ගැනීමයි. පහුගිය දවසේ වසන්ත මුදලිගේ හිරේ ඉන්නෙත් අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම සම්බන්ධයෙන්. වසන්ත මුදලිගේට එරෙහි සෑම සාක්ෂි සටහනක්ම අවසානයේදී ගොනුකරන්නේ වසන්ත මුදලිගේ අන්තරේට සම්බන්ධයි අන්තරේ මේ වෙන දේවල්වලට සම්බන්ධයි යන සූත්‍රයකින්. ජනමාධ්‍ය සහෝදරයන් කතා කරන ප්‍රගීත් එක්නැලිගොඩ සිදුවීමේදි ලසන්ත වික්‍රමතුංග සිදුවීමේදි ත්‍රස්තවාදියා රාජ්‍යයි. දැන් ත්‍රස්තවිරෝධී පනතක් ගෙනැත් තිබෙන්නේ ඒ රාජ්‍ය කියන ත්‍රස්තවාදියායි. පනතේ මොනවා තිබුණත් අවසානයේදී තීන්දු ගන්නේ විධායකයයි.
 
ලසන්ත ද සිල්වා: රජයේ පාර්ශ්වයේ ඇතැමුන් කියන්නේ පනතේ විවේචකයන් කියන තරම් එය බිහිසුණු නෑ. ඇත්තටම මූලික නීතිය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ භාෂණයේ ප්‍රකාශනයේ නිදහස තහවුරු කර තිබෙනවා නම් අලුත් පනතින් එය නැතිකරන්න බෑ වගේ කතා කියනවා?
නීතිඥ නුවන් බෝපගේ: සමහරු මේක ලිහිල් කරල ඉල්ලනවා. එතකොට ලැබෙන්නේ මොකක්ද? වසරක් රඳවාගන්න අවසර ඉල්ලන්නේ සාක්ෂි යටයවන එක වලක්වාගන්න කියලයි. ඒත් පවතින නීතිය යටතේත් හිජාස් හිස්බුල්ලා වසරක් හා වසන්ත මුදලිගේ දින 160ක් රඳවාගත්තා. හැබැයි මේ අයට කිසිම ත්‍රස්තවාදී ක්‍රියාවකට සාක්ෂි නෑ. මේ අතරේ ලිබරල් අදහස් දරන අය කියන්නේ මහේස්ත්‍රාත් කෙනෙකු ඉදිරියට යනවා නම් රඳවාගත්තට කමක් නෑ කියලයි. එහෙම නම් ඒකට අපරාධ නඩුවිධාන සංග්‍රහය තිබෙනවා. අලුතින් නීති ඕනෑ නෑ. ආයුධ සම්බන්ධ ප්‍රශ්නයක් නම් පීඩාකාරී ආයුධ පනත තිබෙනවා. ආණ්ඩුවේ ක්‍රියාවක් වලක්වන්න ගිහින් මිනීමැරුවොත් මේකෙදි ත්‍රස්තවාදී ක්‍රියා කියනවනෙ. ආණ්ඩුවේ ක්‍රියාව ඉවත්කළාම ඒක මිනීමැරුමක්. ඒකටත් මේ නීතියේ ප්‍රතිපාදන තිබෙනවා. අරගලයේ ඇතැම් අවස්ථාවල සැකකරුවන් රස පරීක්ෂකට ඉදිරිපත් කර ත්‍රීඩී ඡායාරූප ගත්තා. ඊටපස්සේ හැංගිලා වෙස්වලාගෙනවත් ඉන්න බෑ. ඊටපස්සේ අරගලකරුවන් පුනරුත්ථාපන පනතට සම්බන්ධ කරන්න හැදුවා. ඒක හරිගියෙත් නෑ. තිබෙන නීති ඇතුලේ අගලකරුවන් හිරකරන්න බැරි වුණාම තමයි මේ අලුත් නීති ගෙනාවේ. පොලිසියට නවීන මෙවලම් තිබෙනවා. මහේස්ත්‍රාත්වරුයකු යටතේ සැකකරුවන් තබාගෙන අවශ්‍ය  නම් පරීක්ෂණ කළ හැකියි.
 
ලසන්ත ද සිල්වා: දැන් මේ අලුත් පනත ගැන දකුණේ සමාජය වැඩිපුර කතාකරන්න ගෙන තිබෙනවා. එහෙත් මහාචාර්ය අර්ජුන පරාක්‍රම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ උතුරු නැගෙනහිර ජනයා පීඩාවට පත්කරද්දී දකුණ නිහඬව සිටියේ ඇයිදැයි ප්‍රශ්න කළා. සරෝජ් පතිරණ, මේ ප්‍රශ්නයට අදාළව ජනමාධ්‍යයේ කාර්යභාරය දකින්නේ කොහොමද?
සරෝජ් පතිරණ: මේ කාරණයේදී වචන භාවිතයට දැඩි අවධානයක් යොමුකළ යුතුයි. මම බීබීසී සිංහල සේවයේ වසර 25ක් සේවය කළා. එතැනදිත් ත්‍රස්තවාදය කියන්නේ දැඩි විවාදයට තුඩු දුන් වචනයක්. අපි වාද කළා. එක් ජන කොට්ඨාසයකට එරෙහිව තව ජන කොට්ඨාසයක නැගිටීමකට අපි ත්‍රස්තවාදය කියන වචනය පාවිච්චි කළේ නෑ. හැබැයි අයර්ලන්තය ගැන කතා කරද්දි බීබීසී දේශීය නාලිකාවෙන් අයර්ලන්ත කැරැලිකරුවන්ට ත්‍රස්තවාදීන් කිව්වා. කාලයක් තිස්සේ ලංකාවේ පැවැත් විමුක්ති අරගලය සම්බන්ධයෙන් ලංකාවේ ජනමාධ්‍ය ක්‍රියා කළේ කොහොමද? ශ්‍රී ලංකාව කියන්නේ නිදහසේ සිට මේ දක්වා තමන්ගේම දරුවන් ලක්ෂ තුනක් මරාගත් රටක්. ඒ අතරෙන් බහුතරයක් මරාදැමුවේ රාජ්‍ය ත්‍රස්තවාදය විසින්. ත්‍රස්තවිරෝධී පනතේ අරමුණ ත්‍රස්තවාදය වැලැක්වීම යැයි කියනවා. අපේ අරමුණ විය යුත්තේ රාජ්‍ය ත්‍රස්තවාදය වැලැක්වීමයි. යුද්ධ කාලේ ඇත්තටම සිංහල ජනමාධ්‍ය හැසිරුණේ කොහොමද? හමුදාව සමග යුද පෙරමුණට ගිය අපේ සහෝදර ජනමාධ්‍යවේදීන් ජයග්‍රාහී ලෙස මළ සිරුරු පෙන්වමින් කළේ කොයිතරම් අමානුෂික වාර්තාකරණයක්ද? බි්‍රතාන්‍ය හමුදා සමග ඉරාක යුද්ධයේදී අපි වාර්තාකරණයට සම්බන්ධ වෙලා හිටියා. යුද්ධයට සම්බන්ධ වූ අයට හතුරෙක් ඉන්නවා. අපට හතුරෙක් ඉන්නවද? මාධ්‍යකරණය තුළ අප කළයුත්තේ අසන හා දකින දේ වාර්තාකරණයයි. අපි පාක්ෂික නම් එතැන වාර්තාකරණයක් නෑ.
ලසන්ත ද සිල්වා: ඔබ යෝජනා කරන්නේ ස්වයං නියාමනයක්ද?
සරෝජ් පතිරණ: මට එහෙම හිතෙනවා. ත්‍රස්තවිරෝධී පනත හෝ අරගලය සමග වූ දේ නිසා අපට සිතන්නට තව දේ තිබෙනවා. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණි වියන්ගොඩ පහුගියදා පැහැදිලි කළ ආකාරයට ඩී.බී විජේතුංග ජනාධිපතිවරයා බලයට පැමිණියෙත් මේ ආකාරයටමයි. සිරිමාවෝ ආවෙත් මෙහෙමමයි. එනිසා රනිල් වික්‍රමසිංහ මහතා ධුරයට පැමිණීමේ නීත්‍යනුකූලභාවය ගැන අප ප්‍රශ්න කළ යුතු නෑ. ඒත් දැන් මේ මර්දනය දියත්කරන්නේ සුජාතභාවයක් නැති ජනාධිපතිවරයෙක් හා සුජාතභාවයක් නැති පාර්ලිමේන්තුවක් කියන එක ඇත්ත. වික්‍රමසිංහ මහතා ජුලි 21 වැනිදා බලයට පැමිණියේ ජනමාධ්‍යවේදීන්ටත් ප්‍රහාරයක් එල්ල කරගෙනයි. දැන් අපි දකින්නේ මාධ්‍යවේදීන් ද ඇතු`ඵව නිර්වින්දනය වූ සමාජයක්.
ලසන්ත ද සිල්වා: නුවන් බෝපගේ නීතිඥයෙක් වගේම සමාජ ක්‍රියාධරයෙක්. සිවිල් සමාජයට උතුරු නැගෙනහිර නොපෙනුණේ? එහෙම නැත්තන් අපට මේක වූ නිසා කතා කරනවා වගේද පෙනෙන්නේ?
නුවන් බෝපගේ: හතුරා නිර්මාණය කිරීමේ ප්‍රධාන සාධකයක් ප්‍රාග්ධනය. උතුරේ ප්‍රශ්නෙදිත් එහෙමයි. අපි යුක්තිය ගැන කතා කළානෙ. එදා ඇත්ත හා යුක්තිය පුවත්පත් කාර්යභාරයක් කළා. අද ඒ කාර්යභාරය කරන්න විකල්පයක් නෑ. එදා උතුරේ ප්‍රශ්නය නිර්වචනය වුණේ සිංහල බෞද්ධ අධිපතිවාදය තුළයි. වාමාංශික ව්‍යාපාර පවා ඊට ගෙඩිපිටින් අහුවුණානේ. බර අවිවලින් ගහන්න කිව්වනේ. සිවිල් සමාජය පැත්තකින් තියමු. වසන්ත මුදලිගේ ප්‍රශ්නයේදී අරගලය වගේම ඔහුගේ සිංහල බෞද්ධකම නිසා මිනිස්සු කතා කරන්න ගත්තා. ඒක හොඳ තත්ත්වයක්. මිනිස්සු කතා කරන එක හොඳයි. මුලින් මිනිස්සු සංවාදය ගෙනාවේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතත් මු`ඵමනින්ම අයින්කරන්න කියලයි. රනිල්ගේ කපටි මොළෙන් සමාජය ලවාම ‘ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතක් ඕනෑ. හැබැයි ඒ මේක නෙවෙයි’ කියල කියෙව්වා.  සිවිල් සමාජය පහුගිය කාලේ අරගල කළා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළා. හැබැයි ඒ සටන ක්‍රම වෙනසකින් අවසන් කරන්නේ කොහොමද කියන තැනදි අපි ෆේල්. ඒකම තමයි රනිල් වික්‍රමසිංහලා මහින්ද රාජපක්ෂලා තමන්ගේ වාසියට පාවිච්චි කරන්නේ. ඇත්තටම හුදෙකලාව සටන් කරන සිවිල් හෝ දේශපාලන කණ්ඩායම් රනිල් වික්‍රමසිංහලාට අභියෝගයක් නෙවෙයි. මේ පනතෙන් රතු එළි දල්වන්නේ නැවත වරක් ගෝල්ෆේස් වැනි බහුජන අරගලයක් මතුවීම වලක්වන්න. ක්‍රමවෙනසකට අරගලය කේන්ද්‍රගත නොවුණොත් පිලිපීනයේ මාකෝස්ගේ පුතා වගේ රාජපක්ෂගේ පුතා වුණත් දවසක බලයට එන්න පු`ඵවන්.
 
ලසන්ත ද සිල්වා: ලංකාවේ ජනමාධ්‍යවේදියා එක පැත්තකින් ශ්‍රමිකයෙක් මුදල් ආයෝජකයා ඉදිරියේ. මේ පසුබිම තුළ අභියෝග ජයගනිමින් රාජකාරියට වගවෙන්නේ කොහොමද?
සරෝජ් පතිරණ: මේ සම්බන්ධයෙන් දිගුකාලීන හා කෙටිකාලීන වශයෙන් පියවර ගන්න පු`ඵවන්. දැනට ලංකාවේ තිබෙන්නේ රාජ්‍ය හා පෞද්ගලික කියන මාධ්‍ය අංශ දෙක. මේවා මහජන සේවා ජනමාධ්‍ය බවට පත්විය යුතුයි. ජනමාධ්‍යවේදීන්ට වෘත්තිය සමිති හැටියට එකතුවීමට අවස්ථා විරල වීම අද ප්‍රධාන ප්‍රශ්නයක්. මේ නිසා සමාගම් සමග කේවල් කිරීමේ අවස්ථාව ඔවුන්ගෙන් ගිලිහිලා. ලංකාවේ මාධ්‍ය ක්‍ෂේත්‍රයේ වෘත්තිය සමිති තිබෙන්නෙත් අතලොස්සයි. වසර තිහ හතලිහක් තිස්සේ ගැටුම් වාර්තාකරණය සමග වූ විකාශනය ඊට බලපෑවාදැයි සැකයි. පෝද්දල ජයන්ත වැනි මාධ්‍යවේදීන් රාජ්‍ය මාධ්‍ය තුළ සිටිමින් පවා දූෂණ වංචා වාර්තාකරණයෙහි නිරත වුණා. හැබැයි සමාජය ඒක දැක්කෙත් නෑ. දැන් අලුත් තත්ත්වය තුළ සමාජ මාධ්‍යයෙහි ටේ‍රන්ඩින් පසුපස යාම තවත් අභියෝගයක්.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *