උත්සව අත්තිකාරමත් නොදී පඩිය කපන්නෙ ඇයි?- කළමනාකරණ සහකාර නිලධාරී සංගමය
පසුගිය අපේ‍්‍රල් 08 වැනිදායින් පසු මේ වනතෙක් කිසිදු ආදායම් මාර්ගයක් නොමැති රාජ්‍ය සේවාවේ නිරත වන්නන් වෙනදා පොලී රහිතව ලැබෙන උත්සව අත්තිකාරම් මුදලද අහිමි වීම තුළ පීඩාවට පත්ව සිටියදී වැටුපෙන් කිසියම් හෝ මුදලක් බලහත්කාරයෙන් කප්පාදුවකට සැරසෙන්නේ නම් එය ඔවුන් දැවැන්ත පීඩාවකට ලක්කරන්නක් මෙන්ම නීති විරෝධී ක‍්‍රියාවක් යැයි අවධාරණය කරන බව රාජ්‍ය සේවා කලමනාකරණ සහකාර නිලධාරී සංගමය පවසයි.
ජනාධිපති ලේකම්වරයා සිය පුද්ගලික ඉල්ලීම ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂයක් පාවිච්චි කරමින් එහි පිටපත් නීතිපතිවරයා සහ විගණකාධිපතිවරයා වෙත යොමු කිරීම හරහා එක් පැත්තකින් ආයතන ප‍්‍රධානීන්ට බලපෑම් කිරීමත් අනෙක් පැත්තෙන් රාජ්‍ය නිලධාරීන් හට එහි නීත්‍යානුකූල බවක් ඇතැයි තහවුරු කිරීමට උත්සාහ කිරීමත් මගින් කූට ප‍්‍රයෝගයක් කර ඇත්තේ ඉතාම නිර්ලජ්ජිත අයුරින් තම බලතල අවභාවිතාවේ යොදවමින් බවද එම සංගමය පවසයි.
“කළමණාකරන සේවාවේ නිලධාරීන් යනු රාජ්‍ය සේවාව තුළ පරිපාලනමය කටයුතුවලදී විශාල වැඩ කොටසක් අඩු වැටුපකට ඉටුකරන කණ්ඩායමකි. මේ වන විට එකී වැටුපෙන් මාසයක් ගෙවා ගැනීම යනු අතිශය දුෂ්කර කටයුත්තක් වී ඇත. එසේ තිබියදී ජනාධිපති ලේකම්වරයාගේ මෙම ලිපිය පාදක කරගනිමින් සමහර ආයතන ප‍්‍රධානීන් විසින් බලහත්කාරය යොදවමින් වැටුප් කප්පාදු කිරීමට කටයුතු සිදු කෙරෙමින් ඇති බැව් රට පුරාම විවිධ ආයතනවල නිලධාරීන් අප දැනුවත් කර ඇත.
මෙලෙස වැටුප් කප්පාදු කිරීමේ නීති විරෝධී කටයුත්ත සඳහා උනන්දුවන ආණ්ඩුව, කැබිනට් නොවන රාජ්‍ය අමාත්‍යවරුන්ට ඔවුන්ගේ මැතිවරණ කටයුතු ප‍්‍රවර්ධනය සඳහා සහන පැකේජයක් දෙමින් මිලියන ගණනින් මුදල් අනුමත කිරීමට අමාත්‍ය මණ්ඩල සංදේශ අනුමත කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ කර තිබුණේ රට පත්ව ඇති ව්‍යසනයේදී පාලකයින් ලෙස ලබාදිය යුතු ආදර්ශය කිසිවෙකුටවත් එකඟ විය නොහැකි අයුරිනි. මේ වන විට අපට ලැබී ඇති තොරතුරු අනුව සබරගමුව පළාත් සභාව නැගෙනහිර පළාත් සභාව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැනි ආයතන තුළ බලහත්කාරයෙන් වැටුප් කප්පාදුවට අදාල කටයුතු සිදුකෙරෙමින් ඇති බැව් දැනගන්නට තිබේ. එබැවින් කිසිදු නිලධාරියකුගේ වැටුප් කප්පාදු නොකරන ලෙස ඉල්ලා සිටිමු” යනුවෙන්ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසයි.