ඉහළ කොත්මලේ වාන් දමයි
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමේ පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් ඊයේ (09) සිට ස්වයංක්‍රීයව විවෘතව තිබෙන බව ජලාශය භාර ඉංජිනේරුවරු පවසති. තවදුරටත් අඛන්ඩව වැසි ඇද වැටුනහොත් ඉහළ කොත්මලේ ජලාශයේ සෙසු වාන් දොරටුද ස්වයංක්‍රියව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහළින් කොත්මලා ඔය දෙපස පදිංචිකරුවන් සහ කොත්මලා ඔයේ ජලය පරිහරණය කරන පිරිස සැළකිලිමත්ව සිටිය යුතු බව එම ඉංජිනේරුවරු පෙන්වා දෙති. අධික වර්ෂාවත් සමග සෙන්ක්ලෙයාර් සහ ඩෙවෝන් දිය ඇලිවල ජල ධාරිතාව වැඩිවීම නිසා ඒවාහි සුන්දරත්වය තවත් ඉහළ ගොස් ඇත. හැටන් නුවරඑළි ප්‍රධාන මාර්ගයේ වරින් වර මතු වන ඝන මිදුම් තත්ත්වය හේතුවෙන් රථ වාහන ගමනා ගමනයටද දැඩි බාධා පැමිණ තිබිණි.මේ නිසා එම මාර්ගයේ රිය ධාවනය කිරිමේදි සැලකිලිමත් වනලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

