ඉරාන පැණි වරකෙට මහජන හෙණය වදියිද?

 ඉරාන පැණි වරකෙට මහජන හෙණය වදියිද?

කාර්ය මණ්ඩලය ඇතුළුව 176 දෙනෙකුට  මරු කැඳවමින් සිදු වූ යුක්රේන ගුවන් යානාවට වැරදීමකින් ප්‍රහාර එල්ල වූ බව පිළි ගැනීමෙන් අනතුරුව ඉරාන පාලනයට එරෙහිව ජනතාවගේ විරෝධය එල්ල වී තිබේ. ටෙහෙරානයේ අගනුවරට එක්වූ විරෝධතා කරුවෝ ඉරාන පාලනය ඉල්ලා අස් විය යුතු යැයි හඬ නැඟුහ.  වැරදීමකින් එල්ල වූ ප්‍රහාරය පිළිබඳ ඉරාන පුවත්පත්වල වාර්තා පළ වීමත් සමග රට පුරා රජය කෙරෙහි දැඩි අප්‍රසාදයක් ඉස්මතු විය.


අත්වැරදීමකින් වුව ප්‍රහාරය එල්ල කළ තැනැත්තා හඳුනාගෙන නීතිය ඉදිරියට කැඳවන බවට ඉරාන බලධාරීන් ප්‍රතිඥා දුන්නත් විරෝධතාකරුවන් පවසන්නේ වරද පිළිගැනීම පමා කිරීමට සමාවක් දිය නොහැකි බවයි. ඒ අතර ඉරාන IRGC හමුදා අණ දෙන්නා පවසා තිබුණේ මිසයිල ප්‍රහාරය එල්ල වූ දිනයේම තමන් බලධාරීන්ට සත්‍ය වාර්තා කළ බවයි. ඉරානයේ ටෙහෙරාන් නුවරින් ලැබෙන නවතම වාර්තාවලට අනුව ඇතැම් විරෝධතාකරුවන් බල කරන්නේ සිය උත්තරීතර නායක අයතුල්ලා කොමෙයිනී පවා ඉල්ලා අස් විය යුතු බවයි. බොහෝ ඉරාන ජාතිකයින් සමාජ ජාල ඔස්සේද රජය විවේචනය කර තිබූ අතර කරුණු සැඟවීම හා මළවුන් වෙනුවෙන් සොව පල කිරීමට පමා වීම බරපතල වරදක් ලෙස සඳහන් කරමින්  අදහස් පළ ව තිබුණි.

සෙනසුරාදා දිනයේ ඉරානයේ බොහෝ පුවත්පත් සිය මුල් පිටුව කළු පැහැයෙන් මුද්‍රණය කොට විරෝධය පළ කර තිබුණි.  මේ අතර පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට කටාරයේ එමීර්වරයා වන ෂෙයික් තමීම් ටෙහෙරානය බලා ගොස් ඇතැයි ද වාර්තා වේ.

කටාරයේ එමීර්වරයා

ලසන්ත ද සිල්වා.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *