ඉඹුල්පේ, අයාලේ යන ගවයන්ට ඕමල්පේ හිමිගේ පිළිසරණ

සම්පත් ප්‍රියනන්දන

ඉඔුල්පේ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුළ වෙසෙන ජනතාවට බරපතල ගැටළුවක්ව  පවතින  අයාලේ  යන  ගවයින්  අල්ලා  ඕමල්පේ  සෝභිත  හිමියන්  විසින්  ඇඹිලිපිටිය කොවුල් ආර   ප්‍රදේශයේ  පවත්වාගෙන යන   ගව අනාථාගාරයට භාර  දිමට  හෙට (08)  දා  කටයුතු කරන  බව ඉඔුල්පේ ප්‍රාදේශිය සභාවේ සභාපති ශ්‍රී ලාල් සෙනරත් මහතා  පැවසීය. වසර ගණනාවක  සිට  ඉඔුල්පේ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයට අයත්  කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ  මෙන්ම  සමනල වැව  සහ පින්නවල පොලිස් බල ප්‍රදේශවලට  අයත්  ප්‍රධාන  මාර්ග  වල  අයාලේ  ගැවසෙන   ගවයින්  හේතුවෙන්  රථ වාහන රියැදුරන් මෙන්ම  වෙළඳසැල්  හිමියන්  ඇතුළු  ජනතාව   පිඩාවට  පත්  වුණ  බව   ඒ  මහතා  කීය.

එම  ගැටලුව සමිබන්ධයෙන්  විසඳුමක්  ලබා දීමේ  සාකච්ඡාවක්  ඉඔුල්පේ ප්‍රාදේශිය සභා කාර්යාලයේ දි  පැවැති  බව හෙතෙම පැවසීය. ඉඔුල්පේ ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින්, පින්නවල සහ සමනල වැව  පොලිසිවල නිලධාරින්, බලන්ගොඩ පශු වෛද්‍ය  කාර්යාලය  නියෝජනය  කරමින්  පැමිණි  නිලධාරින්  එක්ව  පැවැති  සාකච්ඡාවකදී   ගත්  තිරණයකට  අනුව එම  ගවයින්  ඇඹිලිපිටිය කොවුල් ආර ගව අනාථාගාරයට   භාර   දිම සඳහා   තිරණය  කළ   බවද  ඉඔුල්පේ ප්‍රාදේශිය සභාවේ සභාපති ශ්‍රී ලාල් සෙනරත් මහතා  වැඩිදුරටත් පැවසීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *