ඉන්දියාවෙන් නව රෝගීන් 18ක්. කේරළය කොරෝනා රතු එළි දල්වයි.

කොරෝනා වෛරසයෙන් ගැලවීම සඳහා සෙල්සියස් අංශක 29කට ආසන්න උෂ්ණත්වයක් සහිත කැරීබියානු දූපත් සහ ශ්‍රී ලංකාව සුදුසු බව විදෙස් ප්‍රවෘත්ති වැඩසටහනක සඳහන් වූවද ලංකාවට ආසන්න ඉන්දියාවෙන් වාර්තාවන රොගීන් අතරට නව ආසාදිතයන් 18දෙනෙකුද එක්වුණා. මේ පිරිස අතරින් 08 දෙනෙකු වාර්තාවෙන්නේ ලංකාවේ දේශගුණයට සමාන දේශගුණයක් හා ආසන්න උෂ්ණත්වයක් ඇති කේරළ ප්‍රාන්තයෙන්.
ඉන්දියාවේ පූනේ ප්‍රදේශයෙන් කොරෝනා බවට තහවුරු වූ රෝගීන් පස්දෙනෙකු වාර්තා වෙනවා. ඔවුන් ඩුබායි හී චාරිකාවක ගොස් පැමිණි හතළිස් දෙනෙකුගෙන් යුක්ත පිරිසක යුවලක් හා ඔවුන්ගේ දියණියද, ගමන් කණ්ඩායමේ සගයෙකු හා පවුල නිවස වෙත හැරලවූ කැබ් රථයේ රියදුරාද යන පිරිසගෙන් සමන්විතයි.
මේවනවිට ඉන්දියාව, ප්‍රංශය, ස්පාඤ්ඤය හා ජර්මනිය යන රටවල වැසියන්ට වීසා නිකුත් කිරීමද අත්හිටුවා ඇති බව වාර්තා වෙනවා.
කේරළය විමසිල්ලෙන්
කේරළය, ප්‍රාන්තයේ පවතින තත්ත්වය ගැන දැඩි විමසිල්ලෙන් පසුවෙනවා. අලුතෙන් වාර්තාවන රෝගීන් 08 දෙනා සමග සමස්ත ආසාදිතයන් ගණන 14ක්. ඒ සමග සිය ප්‍රාන්තයේ පවතින තත්ත්වය පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසුවීමට කේරළ බලධාරීන් තීරණය කර තිබෙනවා.