ඉන්දියාවෙන් ගෙනා කහ හමුදාවේ අත්අඩංගුවට
මන්නාරම සිලාවතුර ප්රදෙශයේදී වියළි කහ තොගයක් ඒවා රැගෙන යමින් සිටි පුද්ගලයෙකු සමඟ අත්අඩංගුවට පත්ව තිබේ. යුධ හමුදාව පවසන්නේ, මෙම පුද්ගලයා ධීවර බෝට්ටු මාර්ගයෙන් කහ කිලොග්රෑම් 946ක් නීතිවිරෝධීව මෙරටට ගෙන්වා ඇති බවයි.
ලද තොරතුරක් මත අටවන විජයබාහු බලකාය සහ තුන්වන කමාන්ඩෝ රෙජිමේන්තුව එක්ව සිදුකළ සෝදිසියකින් පසු අදාල පුද්ගලයා සහ වියළි කහ තොගය අත්අඩංගුවට ගෙන තිබේ. ධීවර බෝට්ටු යොදා ගනිමින් ඉන්දියාවේ සිට මෙම කහ තොගය ආනයනය කළ පුද්ගලයා මන්නාරම සිලාවතුර පදිංචි කරුවෙකි. ඔහු සතුව තිබූ කහ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ හතලිහකට අධිකය.
සැකකරු හා කහ තොගය මන්නාරම පොලීසියට භාර දී ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.