ඉන්දියානු කම්කරුවන්ට නිදහස

ejournalist වෙබ් අඩවියේ පල වූ වාර්තාවක් අනුව විමර්ශනවල නිරත වූ බලධාරීන් අමානුෂික සැළකුම් ලද ඉන්දීය ඔඩෙස්සා ප්‍රාන්තයේ කම්කරුවන් මුදා ගැනීමට සමත්ව තිබේ. ඒ අනුව පෙරේදා එක් කණ්ඩායමක් ලෙස සහ අද තවත් කණ්ඩායමක් ලෙස ඔවුන් නැවතත් ඉන්දියාව බලා පිටත් කර යවා ඇතැයි අපගේ ඔඩෙස්සාවේ වාර්තා කරුවා පවසයි. ආහාර පාන පවා ලබා නොදී ඔවුන්ගෙන් සේවය ලබා ගෙන ඇති අතර පොරොන්දු වූ වැටුපද ගෙවා නැත. මේ කම්කරුවන් සේවයේ යොදවා ඇත්තේ නවලෝක ඉදිකිරීම් යටතේ ක්‍රියාත්මක උප කොන්ත්‍රාත් කරුවෙකු බව අප හා අදහස් දක්වමින් කම්කරුවෝ පැවසූහ. අමානුෂික ලෙස සැළකුම් ලබන තවත් හත්දෙනෙකුගේ පිරිසක් මුදා ගැනීමට ක්‍රියා කරමින් සිටින බවද ඒ අතර ejournalist වෙබ් අඩවිය වෙත වාර්තා විය.
පෙර වාර්තාව මෙතනින් කියවන්න.