ඉක්මනින් නිදහසේ සීනි කන්න පුළුවන් – ඇමති අලගියවන්නගෙන් සහතිකයක්

ඉදිරි දින කිහිපය තුළ සාධාරණ මිල ගණන් යටතේ සීනි සාමාන්‍ය වෙළෙඳ පොළෙන් මිලට ගත හැකි බව සමුපකාර සේවා,අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචි නොකර සීනී තොග ගබඩා කර තිබූ ස්ථාන කිහිපකයට මුද්‍රා තබා තිබෙන බවත් ඉදිරියේදී එම සීනි වෙළෙඳ පොළට නිකුත් වීමත් සමඟ සාධාරණ මිල ගණන් යටතේ සීනි මිලට ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට ලැබෙන බවත් ඒ මහතා කීය.

මහනුවරදී අද (01) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේය.වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද ප්‍රකාශ කළේය.

සීනි සහ සහල් මිල අසීමිත ලෙස වෙළෙඳ පොළ තුළ වැඩිවී තිබුණා.එයට විසඳුම් සෙවීම සඳහා පාරිභෝගික සේවා අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන වල තිබෙන නීති රීති කොහෙත්ම ප්‍රමාණවත් වුණේ නැහැ.ජනාධිපතිවරයා පාරිභෝගිකයින් පිළිබඳ සිතා අත්‍යවශ්‍යය සේවා යටතේ විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරලා අත්‍යවශ්‍යය සේවා කොමසාරිස්වරයෙකු පත්කිරීමට කටයුතු කළා.ඒ අනුව සීනි ගබඩා වල තිබූ සීනි තොග ලබාගෙන සමූපකාර සහ සතොස හරහා බෙදා දීමට කටයුතු කර තිබෙනවා.ඉදිරි දින කිහිපය තුළ අනිකුත් සුපිරි වෙළෙඳ සැල් වලටත් ලබාදී සාමාන්‍ය වෙළෙඳ පොළටත් සීනි ලබාදීමෙන් පසු සාධාරණ මිල ගණන් යටතේ පාරිභෝගිකයින්ට සීනි මිලට ගත හැකියි.

ජනපතිතුමා මේ තීන්දුව ගත්තේ ව්‍යාපාරිකයින් තලාපෙලීමේ අපේක්ෂාවෙන් නොවෙයි.අසාධාරණ ලෙස පාරිභෝගිකයින් ගසාකන කූඨ වෙළෙඳුන්ට එරෙහිව තමයි එතුමා මේ පියවර ගත්තේ.ගබඩා වල සීනි තබා ගැනීම නිති විරෝධී නැහැ.පරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචි නොකර ගබඩා කර තැබීම තමයි වරද.ඒ අනුව නීති විරෝධී ලෙස පවත්වාගනෙ ගිය ගබඩා තමයි සීල් තැබුවේ.

දැනට රතු සීනි රුපියල් 130.00 ට සතොසින් හා සමූපකාර වලින් ලබා දෙනවා.සුදු සීනි විකුණන්න පුළුවන් මිලත් තීරණය කරනවා. ඉදිරියේදී අවශ්‍යය ඕනෑ තරම් සීනී ලබා ගැනීමට හැකියාව ලැබෙන පරිදි වෙළෙඳ පොළ සකස් කරනවා.

සහල් මිලත් ඉදිරියේදී පහත හෙළනවා. අතරමැදියන් විසින් මිලට ගෙන සඟවා තබාගෙන සිටින වී ගබඩා වලට මුද්‍රා තබා තබනවා.උතුරුමැද සහ අනිකුත් ප්‍රදේශවල ඇති වී ගබඩා වැටලීමට පාරිභෝගික සේවා අධිකාරියත් අත්‍යවශ්‍යය සේවා ජනරාල්තුමාත් ක්‍රියාමාර්ග ගන්නවා.සීනි සඳහා ගත් ක්‍රියාමාර්ගය වී වලටත් ගන්නා අතර වරායේ තිබෙන සීනී තොගත් සාධාරණ මිලකට වෙළෙඳ පොළට නිකුත් කරනවා.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.