ඉඔුල්පේ ගොවි නිපැයුම් සිවිල් ආරක්ෂක බලකාය මිලට ගනී.

 ඉඔුල්පේ ගොවි නිපැයුම් සිවිල් ආරක්ෂක බලකාය මිලට ගනී.

බලන්ගොඩ සමිපත් ප්‍රියනන්දන

ඉඔුල්පේ ප්‍රාදේශීය ලේකම් කොටිඨාශයේ ගොවීන්ගේ එළවළු අලෙවි කර ගැනිමට නොහැකිව සිටියදී රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ඉඔුල්පේ ප්‍රාදේශීය ලේකම් බි.එම්. ඒ. බටුගෙදර මහතා, පඔහින්න ගොවිජන සංවර්ධන නිළධාරී අසංක බණ්ඩාර මහතා සමග එක්ව ⁣ ගොවීන්ගේ එළවළු තොග සිවිල් ආරක්ෂක බලකායේ නිළධාරීන් වෙත අලෙවි කර දිමට කටයුතු කර තිබේ.
කොරෝනා වෛරස අවදානම පාලනය කිරීම සඳහා රට පුරා ක්‍රියාත්මක කෙරෙන ඇඳිරි නීතිය හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු මිලදී නොගැනීම නිසා ගොවීහු අසීරුවට පත්ව සිටියහ. ඊට විසඳුමක් ලෙස එළවලු තොග සිවිල් ආරක්ෂක බලකායට අලෙවි කිරීමේ අවස්ථාවේදී එහි අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතාද සහභාගී විය. සහකාර සැලසුම් අධ්‍යක්ෂ අතුල ගුණසේකර, ඉඔුල්පේ සහකාර ප්‍රදේශිය ලේකම් කේ.එල්.ඩි. අසේල මහතා ඇතුළු පඔහින්න ගොවිජන සංවර්ධන කාර්යාලයේ නිළධාරීන් පිරිසක්ද මේ සඳහා සහයෝගය දීමට එක්ව සිටියහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *