ඇල්ලීමට තහනම් කස මෝරු මරා දඩ කයි

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ
ඇල්ලීමට තහනම් කර ඇති කස මෝරා මසුන් කිලෝ ග්රෑම් 33 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු වරද පිළිගැනිම නිසා රුපියල් 10,000 ක දඩයක් ගෙවන ලෙස ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් ස්මයිල් පයාස් රසාක් මහතා නියම කළේ ය.
ත්‍රිකුණාමලය, සාම්බල්තිව්, සල්ලිය ප්‍රදේශයේ පදිංචිකරුවකුට මෙසේ දඩ නියමවිය. මුහුදේ අල්ලන ලද කස මෝරුන් දෙදෙනෙකු සල්ලිය ප්‍රදේශයේ ධීවර වාඩියක සන්තකයේ තබාගෙන සිටින බවට ලද තොරතුරකට අනුව නාවික නෞකා විජයබා කදවුරේ භට පිරිස් මෙම වැටලීම සිදුකර තිබුණි.
ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉෂාර ටි. කම්කානම්ගේ ගේ උපදෙස් මත සංවර්ධන නිලධාරි ඒ. සජීවන් විසින් සැකකරු 1996 අංක 02 දරණ ධිවර හා ජලජ සම්පත් පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කෙරිණි.