ඇඳිරි නීති සමයේ සුරාබදු වැටලීම්; මහනුවර හා කෑගල්ලේ පමණක් හොර මත්පැන් ලීටර් ලක්ෂ තුනක්.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ සමය තුළ මහනුවර හා කෑගල්ල දිස්ත්‍රික්කවල පමණක් සිදුකළ වැටලීම් වලින් නීති විරෝධී මත්පැන් ලීටර තුන් ලක්ෂ පහළොස් දහසකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට මධ්‍යම පළාත් සුරාබදු මෙහෙයුම් ඒකකය සමත්ව තිබේ.
නීති විරෝධීව මත්පැන් පෙරන ලද ස්ථාන 54 ක් අදාළ කාලය තුළ වැටලූ බවත් ඉන් ස්ථාන 15 ක්ම නීති විරෝධී ස්ප්‍රීතු පෙරන ලද ස්ථාන බවත් මධ්‍යම පළාත් සුරාබදු මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති නාලක මලවිපතිරණ මහතා පවසයි.
එම ඉස්කාගාර වල තිබී ස්ප්‍රීතු ලීටර් 47200 ක් සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මෙම කාලය තුළ නීති විරෝධී අන්දමින් පෙරන ලද ස්ප්‍රීතු ළඟ තබාගත් පුද්ගලයින් සමඟ ස්ප්‍රීත් ලීටර් 207300 ක්ද නීති විරෝධී මත්පැන් ලීටර් 6000 ක්ද රජයේ අරක්කු ලීටර් 11250 ක්ද මහ රා ලීටර 43100 ක්ද අත්අඩංගුවට ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්ව ඇත.
මධ්‍යම පළාත් සහකාර සුරාබදු කොමසාරිස් උපුල් සෙනෙවිරත්න,මහනුවර සුරාබදු අධිකාරී තිස්ස ගුණරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත මධ්‍යම පළාත් සුරාබදු මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති නාලක මලවිපතිරණමහතාගේ මෙහෙයවීමෙන් සුරාබදු පරීක්ෂකවරුන් වන අනුර අලුත්ගේ,අමිල රන්දෙණිය,සුරාබදු නියාමකවරුන් වන එල්.එස් පතිරණ,ජේ.එස් හේරත්,අනුර මහින්ද,පාලිත ගුණරත්න,සී.ද සිල්වා,තරිඳු රණසිංහ,දසුන් කුමාර,උදාර රණසිංහ,ධනුෂ්ක නවරත්න,සුරාබදු නියාමිකා ගයානි සමරවංශ,සුරාබදු රියදුරන් වන බණ්ඩාර,ජගත් යන නිලධාරීන් විසින් මෙම වැටලීම් සිදුකරනු ලැබ තිබේ.මත්පැන් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙන බව මධ්‍යම පළාත් සුරාබදු මෙහෙයුම් ඒකකය පවසයි.