ඇඳිරි නීතිය 14 ඉවත් නොකෙරේ.

දිස්ත්‍රික්ක හයක හැර සෙසු දිස්ත්‍රික්ක 19ට බලපාන පරිදි පනවා ඇති ඇඳිරිනීතිය අප්‍රේල් 14 වෙනිදා ඉවත් නොකරන බව ජනාධිපති මාධ්‍ය අංශය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් එහි අධ්‍යක්ෂ මොහාන් සමරනායක පවසයි. ඒ අනුව ඇඳිරිනීතිය ඉවත් කරනු ලබන්නේ අප්‍රේල් 16 වෙනිදා උදෑසන 06ට ය. එදිනම පස්වරු 04ට නැවත ඇඳිරි නීතිය පනවනු ලැබේ.
කෙසේවෙතත් කොළඹ, යාපනය, පුත්තලම, ගම්පහ, කලුතර, මහනුවර දිස්ත්‍රික්කවලට 16වෙනිදාත් ඇඳිරිනීතිය ඉවත් කිරීම සිදු නොවන අතර නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වේ. රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් කොට්ඨාශ පිළබඳ මෙහි සඳහන් නොවේ.
මෙම නිවේදනයෙන් රජය ඉල්ලා සිටින්නේ වසංගතය මර්ධනය සඳහා ගන්නා පියවරවලට ජනතාවගේ සහාය ලබාදෙන ලෙසයි.