ඇඳිරි නීතිය මැද බලංගොඩ ගලගම දැව ජාවාරමක්

 ඇඳිරි නීතිය මැද බලංගොඩ ගලගම දැව ජාවාරමක්

සමිපත් ප්‍රියනන්දන සහ ඉඔුල්පේ නාලක හෙට්ටිආරච්චි

රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වටිනාකමක් සහිත ඇකේසියා වර්ගයේ විවිධ ප්‍රමාණයේ කැබැලිවලට ඉරන ලද දැව තොගයක් ඉහළ ගලගම ප්‍රදේශයේ පාළු නිවසක් අසල ගොඩ ගසා තිබියදි අද (01) ඇඳිරිනීතිය ක්‍රියාත්මකව පවතින කාලයේදී අත්අඩංගුවට ගත් බව බලංගොඩ අඩවි වන නිලධාරී විජයන්ත උපුල් මහතා පැවැසීය.
ඉහළ ගලගම ප්‍රදේශයේ රක්ෂිතයක එම දැවතොගය අනවසරයෙන් ඉරා ඇතැයි සැක කෙරෙන බවයි බලන්ගොඩ අඩවි වන නිළධාරී විජයන්ත උපුල් මහතා පැවසන්නේ. අද (01) ⁣පෙරවරුවෙි සිට තමා ප්‍රදේශයේ රාජකාරිවල නිරත ව සිටින බවත් ඒ සමිබන්ධයෙන් දැව තොගය ප්‍රවාහනය කළ අයට තොරතුරක් ලැබී දැව අතහැර දමා පලා ගොස් තිබෙන බවත් ඔහු පැවසීය. දැව සිය භාරයට ගත් බවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවත් විජයන්ත උපුල් මහතා වැඩිදුරටත් සදහන් කළේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *