ඇඳිරි නීතිය මැද්දේ කුඩු බෙදූ යුධ හමුදා පොලිස් නිලධාරීන් දෙන්නා මහනුවරදී අල්ලයි

 ඇඳිරි නීතිය මැද්දේ කුඩු බෙදූ යුධ හමුදා පොලිස් නිලධාරීන් දෙන්නා මහනුවරදී අල්ලයි

ඇඳිරි නීතිය පනවා තිබියදී මහනුවර හා ඒ අවට ප්‍රදේශ වලට හෙරෝයින් මත්කුඩු බෙදා හරිමින් සිටි යුද හමුදා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මත්කුඩු ග්රෑම් 22 ක් සමඟ මහනුවර පොලීසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පනාගොඩ යුද හමුදා කඳවුරේ සේවය කරනු ලබන සැකකරුවන් දෙදෙනා නිවාඩු ලැබ පැමිණෙන විට මත්කුඩු රැගෙන විත් මහනුවර හා ඒ අවට ප්‍රදේශ වල බෙදාහැර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

සැකකරුවන් මහනුවර මහයියාව ප්‍රදේශයේ මත්කුඩු බෙදා හරිමින් සිටියදී පොලීසියට ලැබුණු තොරතුරක් මත අදාළ වැටලීම සිදුකර තිබේ.එම අවස්ථාවේ සැකකරුවන් දෙදෙනා සතුව මත්කුඩු ග්රෑම් 02 බැගින් තිබූ බව පොලීසිය පවසයි.

මහනුවර වලල හා මාතලේ ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනා ගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු වලල පදිංචි පුද්ගලයාගේ නිවස ආසන්නයේ වලදමා තිබී හෙරෝයින් මත්කුඩු ග්රෑම් 18 ක් පොලීසිය සොයාගෙන තිබේ. මොවුන් දීර්ඝ කාලයක් තිස්සේ අදාළ ජාවාරම සිදුකර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් හෙළිවී ඇත.

මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිිස්පති රොෂාන් ප්‍රනාන්දු,මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති ඩී.එල් රණවීර,මහනුවර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත් හලංගොඩ මහතාගේ අධීක්ෂණය යටතේ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සෝමපුර,පොලිස් පරීක්ෂක සේමසිංහ යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකරනු ලැබ තිබේ. සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා පොලිස් නිලධාරීන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් මස 08 දින රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *