ඇඳිරි නීතිය අදාල නැති උමාඔය මෑන් පවර්.

ඇඳිරි නීතිය පැනවීම මගින් එක්රැස්වීම හා සංචරණය තහනම් කර තිබියදී, උමාඔය ව්‍යාපෘතියෙහි වැල්ලවාය කරඳගොල්ල උමං පිටවීමේ වැඩකටයුතු සඳහා රහසිගතව සේවකයන් කැඳවා ඇති බව වාර්තා වෙනවා. උමඟෙහි අභ්‍යන්තර ප්‍රවාහනය සඳහා භාවිතා කළ රේල් පාරක අවසන් ඉවත්කිරීම් හා සෙසු නඩත්තු සඳහා මෙලෙස කැඳවා ඇත්තේ ආසන්න ප්‍රදේශවල සේවකයන් බවයි වාර්තා වෙන්නේ. ඒ පොලීසියෙන් වසං වී ඔවුන් කැඳවාගත හැකි වීම නිසා. අදාල කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇත්තේ මෑන්පවර් ආයතනයක් මගින් වන අතර එහි හිමිකරුවා වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුද වන ව්‍යාපාරිකයෙක්.
මේවනවිට සේවක පිරිසක් යොදාගෙන උදෑසන වැඩමුරයක් සිදුකර තිබෙන අතර සන්ධ්‍යා වැඩමුරයද ආරම්භ වී තිබෙනවා. නම හෙළි කිරීමට අකැමැති සේවකයෙකු පැවසුවේ ප්‍රාදේශීය දේශපාලනඥයාගේ ආයතනයේ සේවය කරන තමන් ඇතුළු පිරිස වැඩකටයුතුවල නිරත වන පරිශ්‍රයේ ඉරාන ජාතිකයන්ද රැඳී සිටින නමුත් තමන්ට අවධානම පිළිබඳ වැටහීමක් නොමැති බවයි.